Connect with us

පුවත්

විසඳුම් නැතිනම් දීර්ඝ වර්ජනයක්

Published

on

තම ගැටලු වලට නිසි විසඳුමක් නොලැබුණහොත් සතියක වැඩවර්ජනයක නිරත වන බව දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමය පවසයි.

අමාත්‍යවරයා සමඟ අඟහරුවාදා (16) පැවැත්වෙන සාකච්ඡාවේ දී යහපත් ප්‍රතිචාරයක් නොලැබුනහොත් මෙම සතියක විරෝධතාවය ප්‍රකාශයට පත් කරන බව එම සංගමයේ සභාපති, සුමේධ සෝමරත්න මහතා ප්‍රකාශ කළේය.

දුම්රිය දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය සාමානාධිකාරි (වානිජ) ධුරයට නුසුදුසු නිලධාරියෙකු පත්කළ බවට චෝදනා කරමින් දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමය ඊයේ (9) මධ්‍යම රාත්‍රි 12ට අවසන් කළ පැය 24 ක සංකේත වර්ජනය සාර්ථක බවත් ඔහු පවසා ඇත.

මේ හේතුවෙන් කාර්යාල දුම්රිය 10ක්, දුරගමන් දුම්රිය 5ක් සහ රාත්‍රී තැපැල් දුම්රිය 7ක් අවලංගු කෙරුණි.

පුවත්

“සංවිධායකකමින් ඉවත් වුනාට පක්ෂය හැර යන්නේ නෑ”

Published

on

By

තමා සමගි ජන බලවේගයේ මොරටුව සංවිධායක ධූරයෙන් ඉවත්වූයේ පසු පෙළ අයට අවස්ථාව දීමට බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය ඉරාන් වික්‍රමරත්න මහතා ප්‍රකාශ කරයි.

සමගි ජන බලවේගයෙන් කිසිදා ඉවත් නොවන බවද තමන් උත්සහ කළේ සම්ප්‍රදායික දේශපාලනයෙන් මිදී සැම දා තනතුරුවල රැදී නොසිටිමින් නවකයන්ට අවස්ථාව ලබ දීමට බව හෙතෙම වැඩිදුරටත් කියා සිටියේය.

මෙරටේ සෑම අවස්ථාවකම සිදු වන්නේ දේශපාලනඥයන් කොපමණ ඉදිරියට ගියද තමන්ගේ තනතුරු රැක ගනිමින් නවකයන්ට අවස්ථාව නොදී සිටීම බවත් තමන් මෙම තීරණය ගත්තේ අනෙක් දේශපාලනඥයන්ට ද පුර්වාදර්ශයක් ලබාදීමට බවද කියා සිටියේය.

ඇතැම් අවස්ථාවලදී ජනාධිපතිවරුන්ව සිටී පුද්ගලයන් නැවත මන්ත්‍රීවරුන් වී පාර්ලිමේන්තුවට පැමිණෙන බවත් ඔවුන් පක්ෂ නායකත්වය පවා අත්නොහැර ඒවා රැක ගැනීමට උත්සහ කරන අවස්ථාවක තමන් සංවිධායක ධූරයෙන් ඉවත් වූයේ නව දේශපාලන සම්ප්‍රදායක් ඇති කිරීමට බවද මන්ත්‍රීවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

Continue Reading

පුවත්

‘මල්ලිගේ වැඩ නිසා අවුරුදු 2කින් ගෙදර ගියෙත් නෑ’

Published

on

By

සහෝදරයාගේ මූල්‍ය වංචා සිද්ධි නිසා වසර දෙකකින් තමන්ට නිවෙසට යෑමට නොහැකි වී ඇති බවත් මේ වන විට තම නිවෙස ගරා වැටී ඇති බවත් හිටපු ඇමැති, මනූෂ නානායක්කාර මහතා පැවසීය.

හිටපු ඇමැතිවරයා පැවසුවේ තමන් මැතිවරණ ව්‍යාපාරය කරගෙන ගියේද වෙනත් ස්ථානයක සිට බවයි.

සහෝදරයාගේ මූල්‍ය වංචා පිළිබඳව මුල්වරට හෙළි කළේ තමා බවත් ඒ සම්බන්ධයෙන් පැමිණිලි කළ දා සිට ඔහු සමඟ පැවැති හිතවත්කම් ද අත්හැරිය බවත් හිටපු ඇමැති මනූෂ නානායක්කාර මහතා පැවසුවේය.

එක කුස ඉපදුණත් පුද්ගලයන් එකිනෙකාට වෙනස් බවද නානායක්කාර මහතා වැඩිදුරටත් පැවසීය.

දිනමිණ

Continue Reading

පුවත්

විශේෂ නියෝජිත පිරිසක් හා විපක්ෂනායක අතර හමුවක්

Published

on

By

ශ්‍රී ලංකාවේ සංචාරයක නිරත දකුණු ආසියාවේ සහ අග්නිදිග ආසියාවේ ඉහළ පෙළේ නියෝජිත පිරිසක් සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අතර හමුවක් පසුගියදා (12 )  පැවැත්විණි.

මේ හමුව සඳහා IAPP හි ආසියා පැසිෆික් සභාපති ගරු Ek Nath Dhakal මහතා සහ UPF (UN/ECOSOC) හි සභාපති ආචාර්ය Chang Shik Yang මහතා සහභාගී වී ඇත.

මෙහි දී අප රටේත් කලාපයේත් ආර්ථික, දේශපාලන කරුණු රැසක් සම්බන්ධයෙන් අදහස් හුවමාරු කර ගැනීම සිදුව තිබේ.

මෙම අවස්ථාවට සමගි ජන බලවේගයේ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුම බණ්ඩාර මහතා සහ පාර්ලිමේන්තු මන්ත්‍රී සුජිත් සංජය පෙරේරා මහතා ද එක්ව ඇත.

Continue Reading

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved