පුවත්

විසඳුම් නැතිනම් දීර්ඝ වර්ජනයක්

Published

on

තම ගැටලු වලට නිසි විසඳුමක් නොලැබුණහොත් සතියක වැඩවර්ජනයක නිරත වන බව දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමය පවසයි.

අමාත්‍යවරයා සමඟ අඟහරුවාදා (16) පැවැත්වෙන සාකච්ඡාවේ දී යහපත් ප්‍රතිචාරයක් නොලැබුනහොත් මෙම සතියක විරෝධතාවය ප්‍රකාශයට පත් කරන බව එම සංගමයේ සභාපති, සුමේධ සෝමරත්න මහතා ප්‍රකාශ කළේය.

දුම්රිය දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය සාමානාධිකාරි (වානිජ) ධුරයට නුසුදුසු නිලධාරියෙකු පත්කළ බවට චෝදනා කරමින් දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමය ඊයේ (9) මධ්‍යම රාත්‍රි 12ට අවසන් කළ පැය 24 ක සංකේත වර්ජනය සාර්ථක බවත් ඔහු පවසා ඇත.

මේ හේතුවෙන් කාර්යාල දුම්රිය 10ක්, දුරගමන් දුම්රිය 5ක් සහ රාත්‍රී තැපැල් දුම්රිය 7ක් අවලංගු කෙරුණි.

Trending

Exit mobile version