වී මිලදී ගැනීමට සඳහා වී අලෙවි මණ්ඩලයට තවත් රු. මිලියන 250ක් වෙන්කිරීමට රජය කටයුතු කර ඇතැයි වාර්තා වේ.
එම මණ්ඩලයේ සභාපති බුද්ධික ඉද්දමල්ගොඩ මහතා පවසන්නේ දිස්ත්‍රික්ක 11කින් වී තොග මිලදී ගෙන ඇති බවයි.
ඒ අනුව, ගොවීන්ට සිය වී තොග අලෙවි කිරීම සඳහා ගබඩා 39ක් තවදුරටත් විවෘතව පවතිනු ඇත.
මීට පෙරද, රජය විසින් ගොවීන්ගෙන් වී මිලදී ගැනීමට මිලියන 250ක් වෙන් කර තිබුණි.
වී අලෙවි මණ්ඩලයට අනුව, එම වැඩසටහන යටතේ මේ වන විට වී මෙට්‍රික් ටොන් මිලියන 2.7 ක් පමණ මිලදී ගෙන ඇත.
(මූලාශ්‍රය : නිවුස්රේඩියෝ)