Connect with us

පුවත්

වී අලෙවි මණ්ඩලේ නිලධාරීන් දන්න ගනන් පයිතගර්සටත් හදන්න බෑ

Published

on

වී අලෙවි මණ්ඩලයේ වංචා කටයුතුවලට සම්බන්ධ නිලධාරීන් වී තොග සම්බන්ධව ගණන් සාදා ඇති ක්‍රමය පයිතගරස්වත් නොදන්නා බව කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත ඇමැති මහින්ද අමරවීර මහතා කියයි.

වී අලෙවි මණ්ඩලයේ සිදුවී තිබෙන වංචා දූෂණවලට සම්බන්ධ නිලධාරීන්ට එරෙහි පරීක්ෂණ කටයුතු වහාම කඩිනම් කරන ලෙසද ඇමැතිවරයා නිලධාරීන්ට උපදෙස් දී ඇති බවද පැවසේ.

මණ්ඩලයේ වංචා දූෂණවලට සම්බන්ධ නිලධාරීන් සම්බන්ධව විමර්ශන සිදු කෙරුනද,එම කටයුතු සිදු කෙරෙන්නේ ඉතා මන්දගාමීව බවද ඇමැතිවරයා කියා සිටී.

එමෙන්ම,වී අලෙවි මණ්ඩලයේ තිබෙන සියලු වී තොග ලබන මාසයට පෙරදී නිදහස් කිරීමට කටයුතු කරන ලෙසද ඇමැතිවරයා වී අලෙවි මණ්ඩලයේ නිලධාරීන්ට දැනුම් දුන් බවද මාධ්‍ය වාර්තා කර ඇත.

මණ්ඩලයේ ගබඩා ගොඩ ගැසී තියෙද්දී ඒවා හොරකම් කිරීමට ඇතැමුන් පෙළෙඹෙන බවද ඇමැතිවරයා කියයි.

මේ වනවිට වී මණ්ඩලයේ ගබඩාවල වී කිලෝග්‍රෑම් ලක්ෂ 50ක් ඇතැයි ද වාර්තා වේ.

පුවත්

ෆ්‍රැන්සිස් පාප්වහන්සේ ස්වර්ගස්ථ වෙයි

Published

on

By

අති උතුම් ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප්වහන්සේ ස්වර්ගස්ථ වී තිබේ.

88 හැවිරිදි වියේ පසුවූ පාප්වහන්සේ ස්වර්ගස්ථ වී ඇත්තේ, වතිකානයේ කාසා සැන්ටා මාර්තා හි පිහිටි උන්වහන්සේගේ නිවසේදීය.

ශ්වසන මාර්ගය ආශ්‍රිත රෝගී තත්ත්වයක් හේතුවෙන් මාසයකට වැඩි කාලයක් රෝහල්ගතව සිටි ෆැන්සිස් පාප්වහන්සේ ඉන් අනතුරුව සුවය ලබා ආපසු පැමිණියේය.

ඊයේ (20) දිනයේ වතිකානයේ ශාන්ත පීතර බැසිලිකාවේ පැවැති පාස්කු දේව මෙහෙයටත් උන්වහන්සේ එක්වුණි.

Continue Reading

පුවත්

නොරොච්චෝලේ නවතා තිබූ ජනන යන්ත්‍රය යළි ක්‍රියාත්මකයි

Published

on

By

අවුරුදු උත්සව සමයේ පැවති අඩු ඉල්ලුම හේතුවෙන් නොරොච්චෝලේ විදුලි බලාගාරයේ අක්‍රීය කර තිබූ ජනන යන්ත්‍රය අද (21) උදෑසන 11ට නැවත ක්‍රියාත්මක කළ බව ලංකා විදුලිබල මණ්ඩලය පවසයි.

වර්තමානයේ පවතින ඉහළ බල ඉල්ලුමට අනුගතව ඒකක තුනම ක්‍රියාත්මක වෙමින් පවතින බව වැඩිදුරටත් දැනුම් දී තිබේ.

ලංකා විදුලිබල මණ්ඩලයේ මාධ්‍ය ප්‍රකාශක ධම්මික විමලරත්න මහතා මේ බව දැනුම් දී ඇත.

සබැඳි පුවත්

Continue Reading

පුවත්

දළදා වන්දනාව පැවැත්වෙන කාල වේලාවේ වෙනසක්

Published

on

By

සිරි දළදා වන්දනාව පැවැත්වෙන කාල වේලාව සංශෝධනය කර ඇති බව ශ්‍රී දළදා මාලිගාව මහජනතාව වෙත නිවේදනය ක‍රයි.

එම කාලවේලාව පැයකින් දීර්ඝ කර ඇති අතර සංශෝධිත නව කාල සීමාව වන්නේ පෙරවරු 11.00 සිට සවස 5.30 දක්වා ය.

දිවයිනේ නන්දෙසින් මහනුවරට පැමිණෙන බැතිමතුන්ගේ සංඛ්‍යාව වැඩි වී තිබීම මෙම කාල දිගුවට හේතුවයි.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved