වී අලෙවි මණ්ඩලයේ වංචා කටයුතුවලට සම්බන්ධ නිලධාරීන් වී තොග සම්බන්ධව ගණන් සාදා ඇති ක්‍රමය පයිතගරස්වත් නොදන්නා බව කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත ඇමැති මහින්ද අමරවීර මහතා කියයි.
වී අලෙවි මණ්ඩලයේ සිදුවී තිබෙන වංචා දූෂණවලට සම්බන්ධ නිලධාරීන්ට එරෙහි පරීක්ෂණ කටයුතු වහාම කඩිනම් කරන ලෙසද ඇමැතිවරයා නිලධාරීන්ට උපදෙස් දී ඇති බවද පැවසේ.
මණ්ඩලයේ වංචා දූෂණවලට සම්බන්ධ නිලධාරීන් සම්බන්ධව විමර්ශන සිදු කෙරුනද,එම කටයුතු සිදු කෙරෙන්නේ ඉතා මන්දගාමීව බවද ඇමැතිවරයා කියා සිටී.
එමෙන්ම,වී අලෙවි මණ්ඩලයේ තිබෙන සියලු වී තොග ලබන මාසයට පෙරදී නිදහස් කිරීමට කටයුතු කරන ලෙසද ඇමැතිවරයා වී අලෙවි මණ්ඩලයේ නිලධාරීන්ට දැනුම් දුන් බවද මාධ්‍ය වාර්තා කර ඇත.
මණ්ඩලයේ ගබඩා ගොඩ ගැසී තියෙද්දී ඒවා හොරකම් කිරීමට ඇතැමුන් පෙළෙඹෙන බවද ඇමැතිවරයා කියයි.
මේ වනවිට වී මණ්ඩලයේ ගබඩාවල වී කිලෝග්‍රෑම් ලක්ෂ 50ක් ඇතැයි ද වාර්තා වේ.