මෙවර වෙසක් උත්සවය වෙනුවෙන් ආරක්ෂාව සඳහා පොලිස් නිලධාරීන් 18,000කට වැඩි සංඛ්‍යාවක් දිවයින පුරා යෙදවීමට කටයුතු සූදානම් කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නීතිඥ නිහාල් තල්දූව මහතා පවසයි.
අවශ්‍යතාවය අනුව පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරීන් 275කට ආසන්න සංඛ්‍යාවක් යෙදවීමට කටයුතු කරන බවයි මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් පැවසීය.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නීතිඥ නිහාල් තල්දූව මහතා සඳහන් කළේ, දිවයින පුරා වෙසක් කලාප 419ක් සංවිධානය කර ඇති අතර,එමෙන්ම තොරණ 321ක් දිවයින පුරා ඉදිවෙන බවය.
ඊට අමතරව දන්සැල් 4726ක් සංවිධානය කර ඇති බවට තොරතුරු ලැබී ඇති බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් සඳහන් කර සිටියේය.