Connect with us

පුවත්

වේදිකාවට ගොඩවුන දුම්රිය

Published

on

කොළඹ කොටුව දුම්රිය ස්ථානයෙන් අද (15) පස්වරු 02.35ට හලාවත බලා ධාවනය කිරීමට පැමිණි දුම්රිය අනතුරකට ලක්ව ඇත.

මෙම අනතුර සිදුව ඇත්තේ,  දුම්රිය ගමන් ආරම්භ කිරීම සඳහා කොළඹ කොටුව දුම්රිය ස්ථානයේ පළමුවන වේදිකාවට පැමිණීමේදී යි.

මෙහිදී  දුම්රිය නියමිත ස්ථානයේ නවතා ගැනීමට රියදුරන්ට නොහැකි වී ඇති අතර, ඒ හේතුවෙන් දුම්රිය වේදිකාවද කඩා ගෙන දුම්රිය මාර්ගය අවසන්වන බිත්තියේ ගැටී ඇත.

කෙසේ වෙතත් මෙම අනතුරෙන් කිසිවකුට හෝ අනතුරක් සිදුව නොමැති අතර, දුම්රියේ ඉදිරි කොටස හා වේදිකාවේ කොටසකට හානී වී ඇත.

එමෙන්ම අනතුර හේතුවෙන් දුම්රිය ගමනාගමන කටයුතු සඳහා බාධාවක් වී නොමැත.

පුවත්

පුත්තලමේ පාසල් සඳහා හෙටත් නිවාඩු

Published

on

By

පවතින අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් පුත්තලම දිස්ත්‍රික්කයේ සියලුම පාසල් හෙට (21) දිනයේදීත් වසා තැබීමට තීරණය කර තිබේ.

වයඹ පළාත් අධ්‍යාපන අධ්‍යයක්‍ෂ කාර්යාලය ඒ බව නිවේදනය කළේය.

Continue Reading

පුවත්

කෙහෙළිය යළිත් රිමාන්ඩ්

Published

on

By

හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා ඇතුළු සැකකරුවන් 8 දෙනෙක් ජුනි මස 03 වනදා දක්වා නැවතත් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට අධිකරණය නියෝග කර තිබේ.

ඒ ප්‍රශ්නගත ඉමියුනෝග්ලොබියුලීන් ඖෂධ සිද්ධිය සම්බන්ධයෙන් එම සැකකරුවන් අද (20) මාළිගාකන්ද අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේදී ය.

Continue Reading

පුවත්

විජයදාස ට සහ කීර්ති ට වාරණයක්

Published

on

By

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපතිවරයා ලෙස විජයදාස රාජපක්ෂ සහ වැඩ බලන මහලේකම් ලෙස කීර්ති උඩවත්ත යන මහත්වරු  කටයුතු කිරීම වළක්වාලමින් කොළඹ දිසා අධිකරණය වාරණ නියෝගයක් නිකුත් කර තිබේ.

පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක මහතා විසින් ඉදිරිපත් කළ පැමිණිල්ලක් සලකා බැලීමෙන් අනතුරුව කොළඹ දිසා විනිසුරු සඳුන් විතාන මහතා මෙම නියෝගය නිකුත් කළේය.

Continue Reading

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved