කොළඹ කොටුව දුම්රිය ස්ථානයෙන් අද (15) පස්වරු 02.35ට හලාවත බලා ධාවනය කිරීමට පැමිණි දුම්රිය අනතුරකට ලක්ව ඇත.
මෙම අනතුර සිදුව ඇත්තේ, දුම්රිය ගමන් ආරම්භ කිරීම සඳහා කොළඹ කොටුව දුම්රිය ස්ථානයේ පළමුවන වේදිකාවට පැමිණීමේදී යි.
මෙහිදී දුම්රිය නියමිත ස්ථානයේ නවතා ගැනීමට රියදුරන්ට නොහැකි වී ඇති අතර, ඒ හේතුවෙන් දුම්රිය වේදිකාවද කඩා ගෙන දුම්රිය මාර්ගය අවසන්වන බිත්තියේ ගැටී ඇත.
කෙසේ වෙතත් මෙම අනතුරෙන් කිසිවකුට හෝ අනතුරක් සිදුව නොමැති අතර, දුම්රියේ ඉදිරි කොටස හා වේදිකාවේ කොටසකට හානී වී ඇත.
එමෙන්ම අනතුර හේතුවෙන් දුම්රිය ගමනාගමන කටයුතු සඳහා බාධාවක් වී නොමැත.