වෛද්‍යවරුන්ගේ රාජකාරී බාධා, පැමිණ සිටීමේ හා ප්‍රවාහන දීමනාව (Disturbance, Availability and Transport allowance – DAT) රු.35,000 සිට රු. 70,000ක් දක්වා වැඩිකිරීමට ජනාධිපතිවරයා විසින් ඉදිරිපත් කළ යෝජනාවට කැබිනට් අනුමැතිය හිමි වී ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කරයි.
මේ අතර, විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ අධ්‍යයන දීමනාව 25%කින් ඉහළ දමා ජනවාරි වැටුප සමග ලබාදීමටද ජනාධිපතිවරයා ඉදිරිපත් කළ යෝජනාවට කැබිනට් අනුමැතිය හිමිවී ඇත.