පුවත්

වෛද්‍ය සමන් රත්නායක අත්අඩංගුවට ගනියි

Published

on

සෞඛ්‍ය අමාත්‍යාංශයේ අතිරේක ලේකම් වෛද්‍ය සමන් රත්නායක මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

ප්‍රමිතියෙන් තොර ප්‍රශ්නගත ප්‍රතිදේහ එන්නත් සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාදීම සඳහා සමන් රත්නායක මහතා අද (01) දහවල් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණියේය.

ඒ මාළිගාකන්ද මහෙස්ත්‍රාත් අධිකරණය ඊයේ (29) කළ නියෝගයට අනුවය.

ඔහු පැය 7කට ආසන්න කාලයක් ප්‍රකාශ ලබාදීමෙන් අනතුරුව මෙලෙස අත්අඩංගුවට පත්ව තිබේ.

Trending

Exit mobile version