පවතින වෛද්‍ය හිඟයට පිළියම් ලෙස තවත් වෛද්‍යවරුන් 1300 දෙනෙකු පමණ ලබන මාර්තු මාසයේදී රජයේ රෝහල් සඳහා අනුයුක්ත කරන බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.
ඔවුන් මේ වනවිට සීමාවාසික පුහුණුවීම් අවසන් කරමින් සිටින බව සෞඛ්‍ය ලේකම් විශේෂඥ වෛද්‍ය පාලිත මහිපාල මහතා සඳහන් කරයි.
සීමාවාසික පුහුණුවීම් අවසන් කළ වෛද්‍යවරුන් 590 දෙනෙකුට ද පසුගිය සතියේ පත්වීම් ලබාදී ඇති අතර මේ වනවිට ඔවුන් රජයේ පුරප්පාඩු වී තිබු රෝහල් සඳහා අනුයුක්ත කර ඇත.