Connect with us

පුවත්

ශ්‍රීලංකන් ලාභ ලබන කෑලි විකුණන්න ඇමතිට සභාපතිත් හූමිටි තියයි

Published

on

ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ පාලිත සමාගමක් වන ශ්‍රී ලංකන් කේටරින් අංශයේත් භූමි සේවා සැපයුම් අංශයේත් කොටස් අයිතියෙන් සියයට 49ක් විදේශීය ආයෝජකයකුට ලබාදී ඉන් ලබා ගන්නා මුදලින් ආයතනයේ ණය පියවා ගැනීමට බලාපොරොත්තු වන බව වරාය සහ ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පැවසීය.

භූමි සේවා සැපයුම් අංශය වෙනම සමාගමක් ලෙස ස්ථාපනය කර එහි කොටසක් මෙලෙස විදේශීය ආයෝජකයෙකුට ලබා දීමට අපේක්ෂා කරන බවද ඔහු සඳහන් කළේය.

ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ සභාපති අශෝක් පතිරගේ මහතා මේ සමබන්ධයෙන් අදහස් දක්වමින් මේ අවස්ථාවේදී ආයතනය ගොඩගැනීම සඳහා ගත හැකි හොඳම පියවර එය බව පවසා තිබේ.

මේ අංශ දෙකම දැනට ලාභ ලබන ඒවා බවද හෙතෙම සඳහන් කළේය.

ශ්‍රී ලංකා ලංකන් ගුවන් සමාගමේ දැනට දේශීයව සහ විදේශීයව පවතින ණය ප්‍රමාණය ඇමරිකානු ඩොලර් මිලියන 966කි.

මූලාශ්‍රය – ලංකාදීප

පුවත්

දුම්රිය ධාවනය යථා තත්වයට

Published

on

By

දුම්රිය රියදුරන්ගේ ශ්‍රේණි උසස් කිරීමේ විභාගය හේතුවෙන් දින තුනක් අඩාලව පැවති දුම්රිය සේවා අද (20) සිට සාමාන්‍ය පරිදි ක්‍රියාත්මක කිරීමට පියවර ගෙන ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.

ඊයේ උදෑසන පැවති එම විභාගයට පෙනී සිටි රියදුරු මහතුන් විභාගය අවසන් වීමෙන් අනතුරුව සවස සිටම නියමිත රාජකාරි සදහා වාර්තා කළ බව ලොකොමෝටිව් ඔපරේටින් ඉංජීනියස් රියදුරු සංගමයේ සභාපති නීතිඥ කේ.ඒ.යු. කොන්තසිංහ මහතා පවසයි.

දුම්රිය රියදුරන් විභාගයට සූදානම්වීම හේතුවෙන් පසුගිය 17 දා සිට ඊයේ දක්වා දුම්රිය අවලංගු කිරීම් සිදු වූ බවත් සදහන් කළ දුම්රිය දෙපාර්තමේන්තුව ඊයේ පස්වරුවේදී දුම්රිය අවලංගු කිරීම් සිදු නොවූ බව කියා සිටියේය.

Continue Reading

පුවත්

හෙට ඇරඹෙන සංගණනය

Published

on

By

අස්වැසුම දෙවන අදියර සඳහා අයදුම්පත් යොමුකළ අඩු ආදායම්ලාභී පවුල්වල සංගණන කටයුතු හෙට (21) දිනයේ සිට ආරම්භ කරන බව සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලය පවසයි.

දෙවන අදියර සඳහා අයදුම්පත් ලක්ෂ 08කට ආසන්න ගණනක් සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලය වෙත ලැබී තිබේ.

ඒ අනුව එම අයදුම්පත් අතරින් අස්වැසුම ප්‍රතිලාභය ලැබීම සඳහා සුදුසුකම් ලබන පිරිස තොරා ගැනීමේ අරමුණින් නිවෙස් වෙත ගොස් මෙම සංගණන කටයුතු සිදුකිරීමට නියමිත බව සඳහන් වේ.

අස්වැසුම පළමු අදියර සඳහා අයදුම්පත් ලක්ෂ 34ක ප්‍රමාණයක් සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලය වෙත ලැබී තිබු අතර ඉන් ලක්ෂ 18කට ආසන්න ප්‍රමාණයක් අස්වැසුම ප්‍රතිලාභීන් ලෙස සුදුසුකම් ලබා තිබුණි.

කෙසේවෙතත් මේ වන විට ප්‍රතිලාභීන් දාහත්ලක්ෂ 20,000කට ආසන්න ප්‍රමාණයක් සඳහා අස්වැසුම ප්‍රතිලාභ ලබා දෙන බව සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලය  පවසයි.

මෙහිදී කාණ්ඩ 04ක් යටතේ ප්‍රතිලාභ මුදල් හිමිවන අතර අන්ත දුප්පත් කාණ්ඩය සඳහා රුපියල් 17,500ක මුදලක් ද, දුප්පත් යන කාණ්ඩය සදහා රුපියල් 10,000ක මුදලක් ද, අවදානම් සහ සංක්‍රාන්ති යන කාණ්ඩ දෙක සදහා රුපියල් 5000 බැගින් මාසිකව අස්වැසුම ප්‍රතිලාභීන් වෙත ලබා දීම සිදුකෙරේ.

Continue Reading

පුවත්

ගජමුතු ජාවාරමක් හෙළිවේ

Published

on

By

ගජමුතු 07 ක් සමඟ සැකකරුවන් දෙදෙනෙකු දිවුලපිටිය නගරය ආසන්නයේ දී අත්අඩංගුවට ගෙන ඇත.

ඊයේ (19) පස්වරුවේ දිවුලපිටිය පොලිස් ස්ථානයේ නිලධාරීන් ලද තොරතුරක් මත සිදුකළ වැටලීමක දී මෙම සැකකරුවන් අත්අඩංගුවට ගත්බව පොලීසිය පවසයි.

සැකකරුවන් විසින් මෙම ගජමුතු රුපියල් දෙකෝටි විසි ලක්ෂයක මුදලකට විකිණීමට සුදානම් කර තිබී ඇත.

ග්‍රෑම් 13 මිලිග්‍රෑම් 05 ක් පමන වූ ගජමුතු 07 ක් සැකකරුවන් සන්තකයේ තිබී හමු වු බව සඳහන් වේ.

අත්අඩංගුවට ගත් සැකකරුවන් අවුරුදු 23 හා 33 වයස්වල පසුවන මාතලේ හා මහවෙල ප්‍රදේශවල පදිංචිකරුවන් වන අතර දිවුලපිටිය පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

Continue Reading

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved