ශ්‍රීලංකන් ගුවන් සේවයේ කොටස් අවම වශයෙන් සියයට 51 ක් විකුණා දැමීමට පසුගිය රජය ක්‍රියාත්මක කළ සැලැසුම අත්හැර දැමීමට වත්මන් රජය තීරණය කර තිබෙන බවට තොරතුරු වාර්තා වේ.
රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිව්‍යුහගත කිරීමේ ඒකකය ඔස්සේ ශ්‍රීලංකන් ගුවන් සේවය විකුණා දැමීමට පසුගිය රජය මුල් අවස්ථාවේදී සැලැසුම් කර තිබුණි.
ඒ අනුව පෞද්ගලික ආයෝජකයෙකු ආකර්ශනය කර ගැනීමේ පියවරක් ලෙස ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ පැවති ඩොලර් මිලියන 510 ණය රජයට පවරා ගැනීමට පසුගිය රජයේ අමාත්‍ය මණ්ඩලය විසින් තීරණය කරන ලදී.
කෙසේ වෙතත් ශ්‍රීලංකන් ගුවන් සේවයේ කොටස් විකුණා දමනවා වෙනුවට එහි කළමනාකාරීත්වය කාර්යක්ෂම කළ හැකි ක්‍රමවේදයක් සම්බන්ධයෙන් සොයා බැලීමටයි වත්මන් රජය තීරණය කර තිබේ.