පුවත්

ශ්‍රීලන්කන් ගුවන් යානයක හදිසි ගොඩබෑමක් සිදුකරයි

Published

on

ශ්‍රීලන්කන් ගුවන් සේවයට අයත් ගුවන් යානයක් හදිසියේම මෙල්බර්න් ගුවන්තොටුපොළ වෙත ගොඩබස්වා තිබේ.

තාක්ෂණික දෝෂයක් හේතුවෙන් එම යානය මෙලෙස හදිස්සියේ ගොඩබැස්සූ බව ශ්‍රීලන්කන් ගුවන් සේවය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටී.

සියලු මගීන් සුරක්ෂිතව ඉන් පිටතට පැමිණ ඇති බවත් තාක්ෂණික කණ්ඩායමක් යානය පරීක්ෂාවට ලක්කරමින් සිටින බවත් ශ්‍රීලන්කන් ගුවන් සේවය වැඩිදුරටත් පවසයි.

ගුවන් යානය නැවත පිටත්වනතුරු මගීන්ට අවශ්‍ය හෝටල් නවාතැන් පහසුකම් සැපයීමට පියවර ගෙන ඇති බව ද ශ්‍රී ලන්කන් ගුවන් සේවය සඳහන් කරයි.

Trending

Exit mobile version