ලෝක කුසලාන සුදුසුකම් ලැබීමේ තරගාවලිය සදහා සහභාගී වීමට ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම අද (10) අලුයම සිම්බාබ්වේ බලා පිටත්ව ගියේය.
එහිදී ශ්‍රී ලංකා කණ්ඩායම පළමුවෙන්ම නෙදර්ලන්තය සහ ඇමෙරිකා එක්සත් ජනපද ක්‍රිකට් කණ්ඩායම් සමග පෙර පුහුණු වීමේ තරග දෙකකට සහභාගී වීමට නියමිතය.
ඉන්පසුව ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම එක්සත් අරාබි එමීර් රාජ්‍යය, ඕමානය, අයර්ලන්තය, ස්කොට්ලන්තය යන රටවල ක්‍රිකට් කණ්ඩායම් සමග සිම්බාබ්වේ රාජ්‍යයේ බුලවායෝ සහ හරාරේ ක්‍රිකට් පිටිවල සුදුසුකම් ලැබීමේ තරගවලට මුහුණදීමට නියමිතය.
අදාළ තරග ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට ජයග්‍රහණය කිරීමට හැකිවුවහොත් ලෝක කුසලාන තරගාවලියේ සුපිරි වටයේ ක්‍රිකට් කණ්ඩායම් 06 සමග තරග වැදීමට අවස්ථාව හිමි වේ.
මෙයට සමගාමිව ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් “A” කණ්ඩායම හොංකොං හි පැවැත්වෙන ”නැගී එන ආසියානු කාන්තා ක්‍රිකට් තරගාවලිය” සදහා සහභාගී වීමට ඊයෙ (09) රාත්‍රී 09.00 ට කටුනායක ගුවන් තොටුපොළෙන් පිටත්ව ගොස් තිබුණි.