Connect with us

පුවත්

ශ්‍රී ලංකා – ද. අප්‍රිකානු ජනපතිවරුන් අතර හමුවක්

Published

on

දකුණු අප්‍රිකානු ජනාධිපති සිරිල් රමපෝසා මහතා සහ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අතර හමුවක් ඊයේ (16) පස්වරුවේ කටුනායක ගුවන් හමුදා කඳවුරේදී පැවැත්විණි.

ඉන්දුනිසියාවේ පැවතී ජී20 සමුළුවට සහභාගී වී නැවත සිය රට බලා යන අතරතුරදී කෙටි සංචාරයක් සඳහා දකුණු අප්‍රිකානු ජනාධිපතිවරයා මෙරටට පැමිණ තිබේ.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් දකුණු අප්‍රිකානු ජනාධිපතිවරයා ඉතා සුහදශීලිව පිළිගත් අතර සුහද කතා බහකින් අනතුරුව නායක දෙපළ ද්විපාර්ශ්වික සාකච්ඡාවල නිරත වුහ.

ආර්ථික සහයෝගීතාව සහ අයෝජනය ඉලක්ක කර ගනිමින් දෙරට අතර ද්වීපාර්ශ්වික සබඳතා තවදුරටත් ශක්තිමත් කර ගැනීම පිළිබඳ මෙහිදී සාකච්ඡා කෙරිණි.

ශ්‍රී ලංකාවේ සංචාරක ව්‍යාපාරය පුළුල් කිරීමට දකුණු අප්‍රිකාවේ සහාය ලබා ගැනීම පිළිබඳව ද සාකච්ඡා විය.

ප්‍රජාවන් අතර කල්පවත්නා සංහිඳියාවක් ඇති කර ගැනීම වෙනුවෙන් විශ්වසනීය සත්‍ය සෙවීමේ යාන්ත්‍රණයක් පිහිටුවිම සඳහා දකුණු අප්‍රිකානු සහාය, මඟපෙන්වීම සහ උපදේශනය ලබා ගැනීම කෙරෙහි ද අවධානය යොමු විය.

හමුව සනිටුහන් කරමින් නායක දෙපළ අතර සමරු තිළිණ හුවමාරු කර ගැනීම ද සිදු කෙරිණි.

විදේශ කටයුතු අමාත්‍ය අලි සබ්‍රී, ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක හා ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි සාගල රත්නායක, ජනාධිපති ලේකම් සමන් ඒකනායක යන මහත්වරු ඇතුළු දෙරටේ නියෝජිතයෝ පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

Continue Reading

පුවත්

දුම්රිය ස්ථානාධිපත්වරු අද මධ්‍යම රාත්‍රියේ සිට වර්ජනයේ

Published

on

By

ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් දුම්රිය ස්ථානාධිපතිවරුන් විසින් අද (16) මධ්‍යම රාත්‍රියේ සිට එක්දින වැඩවර්ජනයකට අවතීර්ණ වීමට තීරණය කර තිබේ.

ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් එම සංගමය මෙම වැඩවර්ජනය කිරීමට නියමිතව ඇත.

මෙම වැඩවර්ජන ක්‍රියාමාර්ගය හේතුවෙන් රාත්‍රී තැපැල් දුම්රිය රැසක් අවලංගු කිරීමටද දුම්රිය දෙපාර්තමේන්තුව තීරණය කර ඇතැයිද වාර්තා වේ.

Continue Reading

පුවත්

කොටහේනේ යළි වෙඩි තැබීමක්

Published

on

By

කොටහේන ප්‍රදේශයේ තැබීමක් සිදුව තිබේ.

වෙඩි වැදීමෙන් කාන්තාවක් සහ පිරිමි පුද්ගලයෙකු තුවාල ලබා ඇති බව වාර්තා වේ.

Continue Reading

පුවත්

ලාභ ලැබූ විදුලිබල මණ්ඩලේ යළි පාඩු ලැබීම අරඹලා

Published

on

By

ලංකා විදුලිබල මණ්ඩලය 2025 මාර්තු 31න් අවසන් කාර්තුව වෙනුවෙන් රු. බිලියන 18.47 ක අලාභයක් වාර්තා කර ඇති බව මණ්ඩලයේ නවතම මූල්‍ය වාර්තා වල දැක්වෙන බව වාර්තා වේ.

විදුලිබල මණ්ඩලය 2024 මාර්තු කාර්තුවේ දී රු. බිලියන 84.67 ක ලාභයක් වාර්තා කර තිබූ අතර ඒ හා සැසඳීමේ දී මෙය 121.8% ක ලාභදායීත්වයේ පහළ යාමකි.

මණ්ඩලය මෙලෙස යම් කාර්තුවක අලාභයක් වාර්තා කර ඇත්තේ 2024 දෙසැම්බර් 31 දක්වා අඛණ්ඩව කාර්තු 5ක් පුරාවට ලාභ ලබා තිබෙන පසුබිමක වීම විශේෂත්වයකි.

මණ්ඩලයේ ආදායම ද පසුගිය කාර්තුව තුළ දී රු. බිලියන 167.78 සිට රු. බිලියන 93.92 ක් දක්වා 44%කින් පහළ ගොස් ඇත.

ලංකා විදුලිබල මණ්ඩලය මෙතෙක් ඉතිහාසයේ වර්ෂයක් තුළ වාර්තා කරන ලද ඉහළම ලාභ අගය පසුගිය 2024 වර්ෂයේ දී වාර්තා කිරීමට සමත්ව ඇති අතර එම අගය රු. බිලියන 144 කි. 2024 වසරේ කාර්තු හතරේ දීම මණ්ඩලය ලාභ අගයයන් වාර්තා කර තිබීම විශේෂත්වයකි.

මූලාශ්‍රය – අදදෙරණ

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved