සත්කාරක ශ්‍රී ලංකාව සහ පකිස්ථානය අතර පළමු ටෙස්ට් ක්‍රිකට් තරගය අද (16) ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදීය. ආරම්භ වේ.
තරග දෙකකින් සමන්විත තරගාවලියේ පළමු තරගය මෙය වේ.
පකිස්ථානය සහ ශ්‍රී ලංකාව අතර, මේ දක්වා පවත්වා ඇති ටෙස්ට් තරග සංඛ්‍යාව 57කි.
ඉන් තරග 21ක් පකිස්ථානය ජයගෙන ඇති අතර තරග 17ක් ජයගෙන ඇත්තේ ශ්‍රී ලංකාවයි.
තරග 19ක් ජය පරාජයෙන් තොරව අවසන් වී තිබේ.
ටෙස්ට් තරගාවලියා සඳහා ශ්‍රී ලංකාව මෙහෙයවීමේ වගකීම මෙවර ද හිමිවී ඇත්තේ, දිමුත් කරුණාරත්නට යි.
පකිස්ථාන කණ්ඩායම මෙහෙයවනුයේ බාබර් අසාම් විසිනි.
ලෝක ටෙස්ට් ශූරතාවලිය යටතේ ක්‍රියාත්මක තරගය අද උදෑසන 9.30ට ආරම්භ කිරීමට කටයුතු යොදා තිබේ.
තරගාවලියේ නිල දේශීය විකාශන අයිතිය හිමි, TV1 නාලිකාව ඔස්සේ තරගය ඔබට සජීවීව නැරඹිය හැකියි.