පුවත්

ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයට නව සභාපතිවරයෙක්

Published

on

ළමා රෝග විශේෂඥ වෛද්‍ය සුරත්න පෙරේරා මහතා, ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයේ 131 වන සභාපතිවරයා ලෙස පත්කර ඇත.

ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයේ සභාපති ධුරය දැරූ කායික රෝග විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම මහතා විසින් නව සභාපතිවරයා වෙත එම ධුරය නිල වශයෙන් පිරිනැමීම සිදුකෙරුණු බව වාර්තා වේ.

ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයේ වෛද්‍යවරුන්,  විශේෂ ආරාධිතයින් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටි අතර, එම උත්සවයේ දී නව සභාපතිවරයා විසින් සෞඛ්‍ය සාධාරණත්වය සහ ප්‍රජා සවිබල ගැන්වීම පිළිබද විශේෂ දේශනයක් පැවැත්වූ බව සඳහන්ය.

Trending

Exit mobile version