ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨ උප සභාපතිවරයෙකු වු ශාන් විජයලාල් ද සිල්වා මහතා සමගි ජන බලවේගය සමග එක්වී තිබේ.
තවද, ඔහු එහි අම්බලන්ගොඩ ප්‍රධාන සංවිධායකවරයා ලෙස ද පත් කර තිබේ.
සිල්වා මහතා හට අද (01) විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අතින් සමගි ජන බලවේගයේ පක්ෂ සාමාජිකත්වය හා නව පත්වීම් ලිපියද ලැබී ඇත.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අම්බලන්ගොඩ ආසනයේ ප්‍රධාන සංවිධායකවරයා ලෙස දීර්ඝ කාලයක් කටයුතු කර ඇති ෂාන් විජයලාල් ද සිල්වා මහතා, වසර 15ක කාලයක් පුරාවට තෙවරක් දකුණු පළාත් මහ ඇමතිවරයා ලෙස කටයුතු කර ඇති අතර, ඔහු පසුගිය මහ මැතිවරණයේ දී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරමින් පාර්ලිමේන්තුවට තේරී පත්විය.