Connect with us

පුවත්

ශිෂ්‍යත්ව විභාගයට අයැදුම්පත් කැඳවීම අද සිට

Published

on

2024 වසරේ 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය සඳහා අයැදුම්පත් කැඳවීම අද (27) සිට ආරම්භ වන බව විභාග දෙපාර්තමේන්තුව පවසයි.

විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර මහතා පැවසුවේ, ලබන මස 14 වැනිදා දක්වා මාර්ගගතව අයැදුම්පත් කැඳවන බවය.

ජුනි 14 වැනිදා මධ්‍යම රාත්‍රි 12 ට මාර්ගගත ප්‍රවේශය වසා තබන බවත් , කිසිදු හේතුවක් මත අයැදුම්පත් භාරගැනීමේ අවසන් දිනය දීර්ඝ නොකරන බවත් විභාග කොමසාරිස් ජනරාල්වරයා සඳහන් කළේ ය.

ඔහු පැවසුවේ රජයේ පාසලක හෝ රජය විසින් අනුමත කරනු ලැබු පාසලක 5 ශ්‍රේණියේ ඉගැනුම ලබන සිසුන්ට පමණක් 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයට ඉදිරිපත්විය හැකි බවයි.

මේ අතර, 2025 ජනවාරි 31 වැනි දිනට වයස අවුරුදු 11ට අඩු, අඩු ආදායම් සහිත සිසුන් ශිෂ්‍යාධාර ලැබීමට සුදුසුකම් ලබන බවද ඔහු සඳහන් කළේ ය.

විභාග කොමසාරිස් ජනරාල්වරයා පැවසුවේ, අයැදුම් කිරීමට අදාළ උපදෙස් www.onlineexams.gov.lk යන වෙබ් අඩවියට පිවිසීමෙන් ලබාගත හැකි බවයි.

විශේෂ අවශ්‍යතා සහිත සිසුන්, ඉල්ලුම් කළ යුතු ආකාරය පිළිබඳ උපදෙස් විස්තරාත්මකව උපදෙස් පත්‍රිකාවේ සඳහන් කර ඇතැයිද විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර මහතා සඳහන් කළේ ය.

2024, 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය ලබන සැප්තැම්බර් 15 වැනි ඉරුදින පැවැත්වීමට නියමිතයි. 

පුවත්

ඇල්පිටිය ප්‍රාදේශීය සභා මැතිවරණයට දින නියම වෙයි

Published

on

By

ඇල්පිටිය ප්‍රාදේශීය සභා මැතිවරණය ඔක්තෝබර් 26 වෙනිදා පැවැත්වීමට දින නියම කර තිබේ.

ඇල්පිටිය ප්‍රාදේශීය සභා ඡන්ද විමසීමට අදාළ ව නාමයෝජනා භාරගැනීම ඉකුත් 09 වනදා ආරම්භ විය.

එය අද (12) මධ්‍යහ්න 12න් අවසන් කෙරුණි

Continue Reading

පුවත්

ජයග්‍රහණය සමරන හැටි අනුර කියයි

Published

on

By

අනෙකාට රිදවීමකින් තොරව ජයග්‍රහණය සමරන්නේ කෙසේදැයි ලබන 22 වනදා ඔප්පු කර පෙන්වන බව ජනාධිපති අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතා පවසයි.

ආගම දේශපාලන වේදිකාවේ අලෙවි කරන දෙයක් නොවිය යුතු බව ද ඒ මහතා කියා සිටියේය.

ජාතික ජන බලවේගයේ ජනාධිපති අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතාගේ ජයග්‍රහණය වෙනුවෙන් මහනුවර පැවති ජන රැළියකට එක්වෙමින් ඒ මහතා මේ බව කියා සිටියෙය.

Continue Reading

පුවත්

කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය සැප්තැම්බර් 27 සිට ඔක්තෝබර් 06 දක්වා

Published

on

By

මෙවර (2024) කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය සැප්තැම්බර් 27 සිට ඔක්තෝබර් 06 දක්වා පැවැත්වීමට ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකයන්ගේ සංගමය කටයුතු සංවිධානය කර තිබේ.

ඒ අනුව බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේදී (BMICH) පෙ.ව. 9.00 සිට ප.ව. 9.00 දක්වා පොත් ප්‍රදර්ශනය පැවැත්වෙනු ඇත.

මෙවර කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය සංවිධානය වන්නේ 25 වන වරටය.

එහි අනුග්‍රාහක ගිවිසුම් අත්සන් කිරීම සහ වෙළඳ කුටි බෙදාදීම ද පසුගිය දා සිදු කෙරුණි.

මෙම වසරේ ඇති අධික ඉල්ලුමත්, 25 වන සංවත්සරය යෙදීම නිසාවෙනුත් මෙවර පොත් ප්‍රදර්ශනය වෙන වසරවලට සාපේක්ෂව වඩාත් උත්කර්ෂවත් අන්දමින් සංවිධානය වන බව ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකයන්ගේ සංගමය සඳහන් කරයි.

Continue Reading

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved