පුවත්

ෂාෆ්ටර්ගේ මරණයට තවත් 10යකගේ DNA ගනියි!

Published

on

ජනශක්ති රක්ෂණ සමූහ ව්‍යාපාරයේ අධ්‍යක්ෂ දිනේෂ් ෂාෆ්ටර් මහතා කොළඹ ජාතික රෝහලේ හදීසි අනතුරු ඒකකයට ඇතුළත් කළ අවස්ථාවේ එහි සේවය කළ හෙද නිලධාරීන් ඇතුළු කාර්ය මණ්ඩලයේ දස දෙනකුගේ ඩී. එන්. ඒ. වාර්තා කැඳවීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ටී. එන්. එල්. ඉලංගසිංහ මහතා රජයේ රස පරික්ෂකවරයාට නියෝග කළේය.

ජනශක්ති රක්ෂණ සමූහ ව්‍යාපාරයේ අධ්‍යක්ෂ දිනේෂ් ෂාෆ්ටර් මහතාගේ මරණයට අදාළව රජයේ රස පරීක්ෂකවරයා වෙත යැවූ නඩු භාණ්ඩවල මරණකරුට අමතරව ආගන්තුක ජෛව සාම්පල් (ඩී එන් ඒ) දෙකක් ඇතුළත් වූ බවට රස පරීක්ෂක වාර්තාවේ සඳහන් වූ බැවින් ඒවා කාගේදැයි සැසැදීම සදහා මෙම ඩී එන් ඒ වාර්තා කැදවිය යුතුව ඇතැයි අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව මෝසමක් මගින් කළ කරුණු සැලකිල්ලට ගත් මහේස්ත්‍රාත්වරයා මෙම නියෝගය නිකුත් කළේය.

මරණකරුගේ ගෙලේ තිබූ කේබලයේත්, මරණකරුගේ දෑත ගැට ගසා තිබූ ස්ලිප් පටියේත් සහ මරණකරු භාවිත කළ වතුර බෝතලයේත් මෙම ආගන්තුක ඩී එන් ඒ රටා තිබූ බවට රජයේ රස පරීක්ෂකවරයා විසින් හඳුනාගනු ලැබ තිබූ බවට අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දැනුම් දුන්නේය.

සබැදි පුවත්:

දිනේෂ් ෂාෆ්ටර්ගේ මරණයට බ්‍රයන් තෝමස්ගේ DNA පරික්ෂාවක්!

ෂාෆ්ටර්ගේ නඩු භාණ්ඩවල ආගන්තුක DNA සාම්පලයක්!

ෂාෆ්ටර් මැරුණේ සයනයිඩ් ශරීරගත වෙලා!

ෂාෆ්ටර්ගේ මරණය ගැන ආන්දෝලානාත්මක වාර්තාවක්!

Trending

Exit mobile version