ව්‍යාපාරික දිනේෂ් ෂාෆ්ටර්ගේ සමීපතමයන් භාවිත කරන ලද ජංගම දුරකථන, ලැප්ටොප් පරිගණක වහාම රජයේ රස පරීක්ෂකවරයා වෙත යොමු කර වාර්තාවක් ගන්නා ලෙස අධිකරණය පොලිසියට ඊයේ (04) නියෝග කළේය.
මියගිය දිනේෂ් ෂාෆ්ටර් සමීප ලෙස ඇසුරු කරන ලද ක්‍රිකට් විස්තර විචාරක බ්‍රයන් තෝමස්ගේ ජංගම දුරකථනය සහ ලැප්ටොප් පරිගණකය ඇතුළුව ඔහුගේ සමීපතමයන්ගේ නඩු භාණ්ඩ 20 ක් රජයේ රස පරීක්ෂකවරයා වෙත යොමුකර වාර්තාවක් ගැනීමට කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට අවසර දුන්නේය.
මෙම සිද්ධියට අදාළව මෝසමක් මගින් අධිකරණයට කරුණු ඉදිරිපත් කරමින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව නඩු භාණ්ඩද අධිකරණය වෙත ඉදිරිපත් කර තිබිණි.
ව්‍යාපාරික දිනේෂ් ෂාෆ්ටර්ගේ මරණයට හේතුව සෙවීම සඳහා අධිකරණය මේ වන විට පංච පුද්ගල විද්වත් කමිටුවක්ද පත්කර තිබෙන අතර එහි වාර්තාව මෙතෙක් ලැබී නොමැත.
සබැදි පුවත්
ෂාෆ්ටර්ගේ මරණයට තවත් 10යකගේ DNA ගනියි!
දිනේෂ් ෂාෆ්ටර්ගේ මරණයට බ්‍රයන් තෝමස්ගේ DNA පරික්ෂාවක්!
ෂාෆ්ටර්ගේ ඇඳ ඉහපත් වාර්තාව දින දෙකක් තුළ ඉල්ලයි!
ෂාෆ්ටර්ගේ මරණය ගැන සොයන්න පංච පුද්ගල වෛද්‍ය මඩුල්ලක්!
ෂාෆ්ටර්ගේ නඩු භාණ්ඩවල ආගන්තුක DNA සාම්පලයක්!
පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තා පරස්පර බව ෂාෆ්ටර්ගේ ඥාතීන් කියයි
ෂාෆ්ටර්ගේ මරණය ගැන ආන්දෝලානාත්මක වාර්තාවක්!