Connect with us

පුවත්

ෂී – මෝදි හමුවක්!

Published

on

මතභේදයට තුඩු දී ඇති ඉන්දීය – චීන දේශසීමාවේ පවතින උණුසුම් වාතාවරණය සමනය කිරීමට ඉන්දියාව හා චීනය එකඟ වී ඇති බව වාර්තා වේ.

මේ දිනවල දකුණු අප්‍රිකාවේ පැවැත්වෙන BRICS සමුළුව අතරතුරදී චීන ජනාධිපති – ෂී ජින්පිං හා ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි අතර හමුවක් පෙරේදා (23) දින පැවැත්වුණි.

චීනය පවසා තිබුණේ මෙම හමුව මෝදි මහතා ගේ ඉල්ලීමකට අනුව පැවැත්වුණු බවයි.

ඉන්දියාව හා චීනය අතර සබඳතා පසුගිය වසර තුන පුරාවට අයහපත් අතට හැරෙමින් පවතින අතර, දෙරට අතර මතභේදයට ලක්ව ඇති, හිමාල ප්‍රදේශය හරහා දිවෙන කි.මී 3,440ක් දිගැති දේශසීමාව මීට ප්‍රධාන හේතුවකි.

ඊයේ දිනයේදී ඉන්දීය විදේශ ලේකම් – විනේ ක්වාත්‍රා මහතා පවසා ඇත්තේ මෙම දේශසීමාව ඔස්සේ යොදවා ඇති භට පිරිස් විසුරුවා හැරීමේ උත්සාහයන් වැඩි කිරීමට දෙපාර්ශවයම එකඟ වූ බවයි.

“ඉන්දියා-චීන සබඳතාව සාමාන්‍යකරණය කිරීම සඳහා දේශසීමා ප්‍රදේශවල සාමය සහ සන්සුන්බව පවත්වා ගැනීමත් සැබෑ පාලන රේඛාවේ සීමාවට (Line of Actual Control – LAC) ගරු කිරීම අත්‍යවශ්‍ය බව අග්‍රාමාත්‍යවරයා අවධාරණය කළ බව,” ක්වාත්‍රා මහතා පවසා ඇත.

මේ අතර, චීනයේ විදේශ අමාත්‍යාංශයද නිවේදනයක් නිකුත් කරමින් පවසා ඇත්තේ දෙරට නායකයින් දෙදෙනා විසින් “වත්මන් චීන-ඉන්දියා සබඳතා සම්බන්ධයෙන් හා දෙරටම උනන්දුවක් දක්වන අනෙකුත් ප්‍රශ්න පිළිබඳව අවංක හා ගැඹුරු ලෙස අදහස් හුවමාරු කර ගත්” බවයි.

“චීන-ඉන්දියා සබඳතා වැඩිදියුණු කිරීම, දෙරටේ සහ එහි ජනතාවගේ පොදු සුභසිද්ධිය සඳහා ඉවහල් වන බවත්, ලෝකයේ සහ කලාපයේ සාමය, ස්ථාවරත්වය සහ සංවර්ධනයට ද හිතකර වන්නක් බවත්, චීන ජනාධිපතිවරයා අවධාරණය කර ඇති,” බවද එම නිවේදනයේ දැක්වේ.

මෝදි මහතා හා ෂී මහතා අවසන් වරට හමුවූයේ 2022 දී පැවති G20 සමුළුව අතරතුරදීය.

සැප්තැම්බර් 09 – 10 දිනවල නවදිල්ලි අගනුවර පැවැත්වීමට නියමිත G20 සමුළුව සඳහා ෂී මහතා ඉන්දියාවට යනු ඇතැයිද මේ අතර අපේක්ෂා කෙරෙන බව විදෙස් වාර්තා සඳහන් කරයි.

පුවත්

කෙහෙළිය අල්ලස් කොමිසමට පැමිණේ

Published

on

By

ප්‍රකාශයක් ලබාදීම සඳහා හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා අද (18) උදෑසන අල්ලස් හා දුෂණ විමර්ශන කොමිසම වෙත පැමිණ තිබේ.

Continue Reading

පුවත්

බූලී සහ බැරල්වලට ඉන්ධන නිකුත් කිරීම අත්හිටුවයි

Published

on

By

බූලී සහ බැරල්වලට ඉන්ධන නිකුත් කිරීම වහාම ක්‍රියාත්මක වන පරිදි අත්හිටවූ බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පවසයි.

පාරිභෝගිකයින් විසින් අන්තනෝමතික ලෙස බූලි සහ බැරල්වලට ඉන්ධන ලබාගැනීම සඳහා පිරවුම්හල් වෙත ඒකරාශි වෙමින් අනවශ්‍ය තදබදයක් හා පෝලීම් ඇති කරමින් කටයුතු කරන බවට වාර්තාවී ඇති හෙයින් මෙම පියවර ගත් බවද තෙල් සංස්ථාව පෙන්වා දෙයි.

ඒ අනුව, ඉහත තීරණය ඉන්ධන පිරවුම්හල් හිමියන් වෙත දැනුම්දී ඇත.

ඊට පටහැනිව කටයුතු කළහොත් බෙදුම්කාරත්ව ධූරය සම්බන්ධව දැඩි විනයානුකූල පියවර ගන්නා බවත් සංස්ථාව දන්වා තිබේ.

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව තවදුරටත් පෙන්වා දෙන්නේ සංස්ථාව සතුව ප්‍රමාණවත් ඉන්ධන සංචිත තිබියදී පාරිභෝගිකයින් විසින් අනියත බියක් ඇති කරගෙන මෙලෙස කටයුතු කරන බවට පෙනී යන බැවින්, වහාම ක්‍රියාත්මක වන පරිදි බූලි හා බැරල් වලට ඉන්ධන නිකුත් කිරීම තහනම් කර ඇති බවය.

Continue Reading

පුවත්

පාර්ලිමේන්තු සභාවාරය ඇරඹේ (සජීවි විකාශය)

Published

on

By

කථානායකවරයාගේ ප්‍රධානත්වයෙන් මේ වනවිට පාර්ලිමේන්තු කටයුතු ආරම්භ වී තිබේ.

එහි සජීවි විකාශය පහතින් දැක්වේ

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved