Connect with us

පුවත්

සංචාරකයන්ට දැමූ අලුත් කොවිඩ් නීති මාලාව කල් දාලා!

Published

on

ශ්‍රී ලංකාවට පැමිණීමට දැනටමත් සැලසුම් කර ඇති පුද්ගලයන් පිළිබඳ සැලකිල්ලට ගනිමින් කොවිඩ් 19 නව රෙගුලාසි පැනවීම ජනවාරි 20 වැනිදා තෙක් කල් දමන බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කර ඇත.

සෞඛ්‍ය අංශය ඇතුළු අදාළ බලධාරීන් සමඟ කොවිඩ් 19 නව රෙගුලාසි පැනවීම පිළිබඳ සමාලෝචනය කිරීම සඳහා රැස්වීමක් ලබන 17 වැනිදා පැවැත්වීමට සැලසුම් කර ඇති  බවත් ඉන් පසුව රෙගුලාසි පැනවීම පිළිබඳ සවිස්තරාත්මක මාර්ගෝපදේශයක් නිකුත් කරන බවත් එම නිවේදනයේ දැක්වේ.

කොවිඩ් -19 රෝගය හා සම්බන්ධව දිවයිනට පැමිණෙන සංචාරකයින් වෙනුවෙන් පසුගිය වර්ෂයේ දෙසැම්බර් මස 6 වැනිදා සෞඛ්‍ය අමාත්‍යාංශය මගින් නිකුත් කළ චක්‍රලේඛය තවදුරටත් වලංගු බවත් සංචාරකයින් මෙරටට පැමිණීමේදී පැය 72 කට පෙර පී.සී.ආර්ප රීක්ෂණක් සිදුකර ගත යුතු බවට වන නීතියක් හෝ මාර්ගෝපදේශයක් පනවා නොමැති බවත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා පවසා ඇත.

සෞඛ්‍ය බලධාරීන් විසින් පනවා නොමැති කිසිදු ක්‍රමවේදයක් වලංගු නොවන බව ද ඔහු සඳහන් කර තිබේ.

පුවත්

විශේෂ නියෝජිත පිරිසක් හා විපක්ෂනායක අතර හමුවක්

Published

on

By

ශ්‍රී ලංකාවේ සංචාරයක නිරත දකුණු ආසියාවේ සහ අග්නිදිග ආසියාවේ ඉහළ පෙළේ නියෝජිත පිරිසක් සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අතර හමුවක් පසුගියදා (12 )  පැවැත්විණි.

මේ හමුව සඳහා IAPP හි ආසියා පැසිෆික් සභාපති ගරු Ek Nath Dhakal මහතා සහ UPF (UN/ECOSOC) හි සභාපති ආචාර්ය Chang Shik Yang මහතා සහභාගී වී ඇත.

මෙහි දී අප රටේත් කලාපයේත් ආර්ථික, දේශපාලන කරුණු රැසක් සම්බන්ධයෙන් අදහස් හුවමාරු කර ගැනීම සිදුව තිබේ.

මෙම අවස්ථාවට සමගි ජන බලවේගයේ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුම බණ්ඩාර මහතා සහ පාර්ලිමේන්තු මන්ත්‍රී සුජිත් සංජය පෙරේරා මහතා ද එක්ව ඇත.

Continue Reading

පුවත්

“මේක ඉවසන්න ඕන වෙලාවක්”

Published

on

By

වත්මන් රජය ක්ෂණික වෙනස්කම්වලට නොගොස් ක්‍රමානුකූලව වෙනස්කම්වලට යන්නේ රටේ ආර්ථිකයත්,ලෝක ආර්ථිකයත් පිළිබඳ පවතින අවබෝධය නිසා යැයි හිටපු අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසයි.

හිටපු අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ මේ මොහොතේ ඉවසීමෙන් කටයුතු කළයුතුව ඇති බවය.

”අපි ඉවසීමෙන් කටයුතු කරන්න ඕනේ. ලෝක ආර්ථිකයත් රටේ ආර්ථිකයත් අපි තේරුම් ගන්න ඕනේ. ඒ නිසා තමයි වර්තමාන පාලනයත් ක්ෂණික වෙනස්කම් වලට යන්නේ නැතුව යම්කිසි ආකාරයක ක්‍රමානුකූලව වෙනස්කමක් කරන්නේ. අවුරුදු දෙකකට කලින් බංකොලොත් වෙච්ච තැන ඉඳල අද එතැනින් එළියට එන තැනට අපි ගොඩදාලා දුන්නා. එතනින් එහාට මේක නිරුපද්‍රිතව පවත්වාගෙන යාමට අලුත් කණ්ඩායමකට රටේ ජනතාව බලය දීලා තියෙනවා. ඒ අයගේ යුතුකම,වගකීම තමයි එය පවත්වාගෙන යාම. එයාලගේ ප්‍රතිපත්ති තියෙනවා. ඒවත් එක්ක ගළපගන්න ඕනේ.” 

Continue Reading

පුවත්

අද දවසේ ප්‍රදේශ කිහිපයකට  තද වැසි

Published

on

By

උතුරු, නැගෙනහිර, උතුරු-මැද, ඌව සහ දකුණු පළාත්වලත් මාතලේ සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

නැගෙනහිර සහ ඌව පළාත්වලත් මාතලේ සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථාන වලට මි.මි. 75 ක පමණ තරමක තද වැසි ඇතිවිය හැකිය.

සෙසු ප්‍රදේශවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

උතුරු, නැගෙනහිර, උතුරු-මැද සහ වයඹ පළාත්වලත් මාතර සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් විටින් විට හමන පැ.කි.මී. (30-40) ක පමණ තරමක තද සුළං ඇතිවිය හැකිය.

බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල, මාතර සහ බදුල්ල දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල උදෑසන කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් පැවතිය හැකි බව සඳහන්ය.

ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටියි.

Continue Reading

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved