පුවත්

සංචාරකයන්ට දැමූ අලුත් කොවිඩ් නීති මාලාව කල් දාලා!

Published

on

ශ්‍රී ලංකාවට පැමිණීමට දැනටමත් සැලසුම් කර ඇති පුද්ගලයන් පිළිබඳ සැලකිල්ලට ගනිමින් කොවිඩ් 19 නව රෙගුලාසි පැනවීම ජනවාරි 20 වැනිදා තෙක් කල් දමන බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කර ඇත.

සෞඛ්‍ය අංශය ඇතුළු අදාළ බලධාරීන් සමඟ කොවිඩ් 19 නව රෙගුලාසි පැනවීම පිළිබඳ සමාලෝචනය කිරීම සඳහා රැස්වීමක් ලබන 17 වැනිදා පැවැත්වීමට සැලසුම් කර ඇති  බවත් ඉන් පසුව රෙගුලාසි පැනවීම පිළිබඳ සවිස්තරාත්මක මාර්ගෝපදේශයක් නිකුත් කරන බවත් එම නිවේදනයේ දැක්වේ.

කොවිඩ් -19 රෝගය හා සම්බන්ධව දිවයිනට පැමිණෙන සංචාරකයින් වෙනුවෙන් පසුගිය වර්ෂයේ දෙසැම්බර් මස 6 වැනිදා සෞඛ්‍ය අමාත්‍යාංශය මගින් නිකුත් කළ චක්‍රලේඛය තවදුරටත් වලංගු බවත් සංචාරකයින් මෙරටට පැමිණීමේදී පැය 72 කට පෙර පී.සී.ආර්ප රීක්ෂණක් සිදුකර ගත යුතු බවට වන නීතියක් හෝ මාර්ගෝපදේශයක් පනවා නොමැති බවත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා පවසා ඇත.

සෞඛ්‍ය බලධාරීන් විසින් පනවා නොමැති කිසිදු ක්‍රමවේදයක් වලංගු නොවන බව ද ඔහු සඳහන් කර තිබේ.

Trending

Exit mobile version