සංචාරකයින් පිරිසක් රැගත් බස්රථයක් වස්කඩුවේ අනාරක්ෂිත දුම්රිය හරස් මාර්ගයක් හරහා ගමන් කිරීමට උත්සාහ කිරීමේ දී දුම්රියක ගැටී අද (29) අලුයම අනතුරක් සිදුව තිබේ.
අනතුරින් සංචාරකයින් දෙපලක් සුළු තුවාල ලබා ඇති බව කළුතර උතුර පොලිසිය පවසයි.
මෙසේ අනතුරට ලක්ව ඇත්තේ කටුනායක ගුවන්තොටුපළ දක්වා සංචාරකයින් පිරිසක් ප්‍රවාහනය කරමින් සිටි බස් රථයකි.