පුවත්

සංවර්ධන නිලධාරීන් ගුරු සේවයට ගැනීම ගැන තීරණයක්

Published

on

රජයේ පාසල් වල ගුරුවරුන් ලෙස සේවය කරන සංවර්ධන නිලධාරීන් ගුරු සේවයට බඳවා ගැනීමට කටයුතු කරන බව නීතිපතිවරයා විසින් ශ්‍රේෂ්ඨාධිකරණයට දන්වා තිබේ.

නීතිපතිවරයා විසින් ඊයේ (22)  ශ්‍රේෂ්ඨාධිකරණයට දන්වා සිටියේ අදාළ නිලධාරීන් විශේෂ සම්මුඛ පරීක්ෂණයකට යොමු කිරීමෙන් අනතුරුව සුදුසුකම් සපුරන සියලු දෙනා ගුරු සේවයට බඳවා ගැනීමට රජය කටයුතු කරන බවය.

ඊට අදාළ කැබිනට් පත්‍රිකාව අධ්‍යාපන ඇමැති සුසිල් ප්‍රේමජයන්ත් මහතා විසින් කැබිනට් මණ්ඩලය හමුවට ඉදිරිපත් කරන බවද නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජනරාල් විරාජ් දයාරත්න මහතා ශ්‍රේෂ්ඨාධිකරණයට දන්වා සිටියේය.

සංවර්ධන නිලධාරීන් පිරිසක් ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සම් හතරක් සම්බන්ධයෙන් සමථයක් ඇති කර ගැනීම සඳහා එම පෙත්සම් කැඳ වූ අවස්ථාවේ දී අතිරේක සොලිසිටර් ජනරාල්වරයා විසින් මෙම දැනුම්දීම සිදුකරන ලදී.

Trending

Exit mobile version