පුවත්

සංශෝධිත ඛණිඡ තෙල් පනත බලාත්මක කරයි

Published

on

සංශෝධිත ඛණිඡ තෙල් පනත බලාත්මක කරයි ඛනිජ තෙල් නිෂ්පාදන (විශේෂ විධිවිධාන) (සංශෝධන) පනත් කෙටුම්ප‍තෙහි සිය සහතිකය සටහන් කළ බව කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා අද (21) පෙරවරුවේ නිවේදනය කළේය. 2002 අංක 33 දරන ඛනිජ තෙල් නිෂ්පාදන (විශේෂ විධිවිධාන) පනත සංශෝධනය සඳහා වූ නව පනත පසුගිය 18 වනදා පාර්ලිමේන්තුවේදී සම්මත විය. නව බලපත්‍රලාභීන්ට බලපත් ලබාදීම හා ඛනිජ තෙල් නිෂ්පාදන ආනයනය කිරීම හා බෙදාහැරීම සඳහා පාර්ශ්වයන් තෝරාගැනීම සඳහා ප්‍රතිපාදන සැලසීම මෙම සංශෝධනයේ අරමුණය. මේ අනුව, 2022 අංක 27 දරන ඛනිජ තෙල් නිෂ්පාදන (විශේෂ විධිවිධාන) (සංශෝධන) පනත ලෙස මෙම සංශෝධිත පනත අද (21) සිට බලාත්මක කෙරේ.

Trending

Exit mobile version