රිමාන්ඩ් භාරයේ සිටින හිටපු ක්‍රිකට් ක්‍රීඩක සචිත්‍ර සේනානායක රජයේ රස පරීක්ෂකවරයා හමුවට අද (13) ඉදිරිපත් කිරීමට නියමිතය.
ඉකුත් 06 වැනිදා කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රත් ප්‍ර්‍රසන්න අල්විස් මහතා නියෝග කළේ සැකකාර සචිත්‍ර සේනානායකගේ කටහඬ පරීක්ෂා කිරීම සඳහා අද පෙරවරු 9.00ට රජයේ රස පරීක්ෂකවරයා හමුවට ඉදිරිපත් කරන ලෙසය.
2020 වසරේදී පවත්වන ලද ලංකා ප්‍රීමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ තරග පාවාදීමට ධම්මික ප්‍රසාද් සහ තරිඳු රත්නායක යන ක්‍රීඩකයන් දෙදෙනාට පෙලඹවීමක් කරන ලදැයි චෝදනා යටතේ ක්‍රීඩා වැරැදි වැළැක්වීමේ විශේෂ විමර්ශන ඒකකය විසින් සැකපිට අත්අඩංගුවට ගත් හිටපු ක්‍රිකට් ක්‍රීඩක සචිත්‍ර සේනානායක අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබන 15 වැනිදා තෙක් රිමාන්ඩ් භාරයට පත් කෙරිණි.
සබැඳි පුවත් :
සචිත්‍ර සේනානායක රිමාන්ඩ් (Update)