පුවත්

සජබය ඇතුලේ විපක්ෂයේ ප්‍රධාන සංවිධායක තැනටත් සටනක්

Published

on

විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ධුරය සඳහා සමගි ජන බලවේගයෙන් නම් කිහිපයක් ඉදිරිපත් වී තිබේ.

කළුතර දිස්ත්‍රික් මන්ත්‍රි අජිත් පී. පෙරේරා, ගාල්ල දිස්ත්‍රික් මන්ත්‍රි ගයන්ත කරුණාතිලක හා ජාතික ලැයිස්තුවෙන් පත්වීමට නියමිත බව සඳහන් වෙන සුජීව සේනසිංහ ඒ අතර වෙති. ඒ අතරින් සුදුසුම මන්ත්‍රිවරයාට එම ධුරය ලබා දිය යුතුය යන්න පක්ෂයේ ජ්‍යෙෂ්ඨයන්ගේ මතය වී ඇත.

2010 – 2014 කාලයේ විපක්ෂයේ නියෝජ්‍ය සංවිධායක ලෙසත් 2015- 2019 කාලයේ ආණ්ඩු පක්ෂයේ නියෝජ්‍ය සංවිධායක ලෙසත් වගකීම් ඉටු කර ඇති අජිත් පී. පෙරේරා එම ධුරයට සුදුසු බවට මේ වන විට පක්ෂ නායකත්වයට දන්වා තිබෙන බව එම පක්ෂ ආරංචි මාර්ග කීවේය. 

කෙසේ වුවද පාර්ලිමේන්තුවේ පළමු රැස්වීම පැවැත්වෙන ලබන 21ට පෙර සමගි ජන සන්ධානයේ පාර්ලිමේන්තු කණ්ඩායම රැස් වී මේ සම්බන්ධනේ අවසන් තීරණයක් ගැනීමට නියමිතය.

Trending

Exit mobile version