සමගි ජන බලවේගය අද සට්ටම්බිරාළට සහ ගොඩ පෙරකදෝරුවාට යටවී ඇති බවත්, එහි එක්සත් ජාතික පක්ෂයේ මූලධර්ම නැතැයි ජනපති කියයි.
අද (10) පස්වරුවේ කුලියාපිටිය නගර සභා ක්‍රීඩාංගණයේ පැවති එක්සත් ජාතික පක්ෂ පළමු මහජන රැළිය අමතමින් ජනපතිවරයා මේබව කීය.
රට ණය බරින් බේරාගෙන අනාගත පරපුර වෙනුවෙන් සුරක්ෂිත රටක් ගොඩනැගීමට එක්වන ලෙස එක්සත් ජාතික පක්ෂය හැර ගොස් සමගි ජන බලවේගය සමඟ එක්වු සියලුදෙනාට ද වික්‍රමසිංහ මහතා ආරාධනා කළේය.