නීති විද්‍යාල ප්‍රවේශ විභාගයට පෙනී සිටි මාධ්‍යට සම්බන්ධව සිට පසුව දකුණු පළාතේ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු බවට පත්වූ අයෙක් විභාග වංචාවක් කරමින් සිටියදී විභාග පරීක්ෂිකාවකට හසු වී ඇති බවට ලංකාදීප පුවත්පත වාර්තා කරයි.
විභාගය ලියන අතරතුර ඔහු ළඟ තිබූ පිළිතුරු සටහන් භාවිත කරමින් විභාගය ලියන අයුරු දැක ඇති විභාග පරීක්ෂිකාවක ඒ ගැන පරීක්ෂා කොට ඔහු කොපි කර ඇති බව තහවුරු කරගැනීමෙන් අනතුරුව ශාලාධිපතිට පැමිණිලි කර ඇති බව පැවසේ.
මේ සිද්ධිය වාර්තා වී ඇත්තේ විභාග දෙපාර්තමේන්තුවෙන් මෙම විභාගය පවත්වන අතර ඒ වෙනුවෙන් දැඩි කොන්දේසි පනවා තිබියදීය.
කෙසේවෙතත් මෙම සිද්ධිය වසන් කිරීමට විපක්ෂයේ ඉහළ මට්ටමින් ද මැදිහත්ව තිබෙන බව කියවෙන අතර එවැනි සිද්ධියක් නොවුණු බවට කරුණු දැක්වීම සඳහා අදාළ විභාග පරික්ෂිකාවට බලපෑම් එල්ල කරමින් තිබෙන බවද මාධ්‍ය වාර්තා වල දැක්වේ.