පුවත් සජිත්ට අනුර පරාද කරන්න බෑ – රනිල් මහියංගනයේදී කියයි Published 9 months ago on September 5, 2024 By editor සජිත් ප්‍රේමදාසට කිසි දිනක අනුර දිසානායක පරාජය කරන්න නොහැකි බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මහියංගනයේ දී පැවසීය. හැමදාම පාර්ලිමේන්තුවේ නැගිට ඕපාදූප කතා කර පැය දෙක තුන නාස්ති කළ සජිත්ට අන්තිමට සිදුවුණේ අනුර දිසානායක තර්ජනයක් වීම යැයි ජනාධිපතිවරයා කීය. මෙරට ඉතිහාසයේ සිට තරඟය තිබුණේ දෙන්නෙක් අතර බව කී ජනාධිපතිවරයා ආණ්ඩුව සහ විපක්ෂය අතර ඒ තරඟය තිබූ බව පැවසීය. අගමැති ආණ්ඩු පක්ෂය බලා ගන්නා අතර විපක්ෂ නායක විපක්ෂය බලාගත යුතු බව කී ජනාධිපතිවරයා තමා විපක්ෂ නායක කාලේ එලෙස විපක්ෂයේම පක්ෂයකින් කිසිවෙකුත් අභියෝගයට නොආ බව කීය. දැන් අනුර දිසානායක විසින් සජිත් ප්‍රේමදාස අභිබවා ගොස් ඇතැයි කී ජනාධිපතිවරයා මේ වන විට සජිත්ට අනුර පරද්දන්නට නොහැකි තත්ත්වයට පැමිණ තිබෙන බව කීය. සජිත් දැන් කරන මෝඩ වැඩෙන් අනුරට උදව්වක් ලැබෙනු ඇති බව මතක තියාගන්නැයි එක්සත් ජාතික පක්ෂයේ සැමට කියන බව පැවසූ ජනාධිපතිවරයා තමා මෙහි පැමිණියේ ඩී.එස්.සේනානායක,ඩඩ්ලි සේනානායක ,ජේ.ආර් ජයවර්ධන, රණසිංහ ප්‍රේමදාස උරුමය සමඟ බව කීය. Related Topics:lkaSriLanka Trending පුවත්1 week ago මැයි “අස්වැසුම” අද බැංකු ගිණුම්වලට පුවත්1 week ago 2025ට මුදල් වෙන් කළ ව්‍යාපෘති රැසක් අතරමඟ පුවත්1 week ago දුමින්ද දිසානායක රිමාන්ඩ් (Update) පුවත්1 week ago එක්සත් ජාතික පක්ෂයෙන් දැඩි තීරණයක් පුවත්3 days ago “පත්තර මල්ලී” හෙටින් ඉවරයි පුවත්4 days ago NEXTට පසු සේවක බිල්ල වැලිගම MICHELIN?; MICHELIN හි වැඩි කොටස ඉන්දියානු සියැට් ගනියි