පුවත්

සත්වෝද්‍යාන නොමිලේ නැරඹීමට අවස්ථාව

Published

on

ඔක්තෝම්බර් මස 01 වන දිනට යෙදෙන ලෝක ළමා දිනය වෙනුවෙන් වයස අවුරුදු 12ට අඩු සියලු ළමුන්ට සත්වෝද්‍යාන නොමිලේ නැරඹීමට අවස්ථාව සලසා දී තිබේ.

ඒ අනුව දෙහිවල ජාතික සත්වෝද්‍යානය, පින්නවල අලි අනාථාගාරය, පින්නවල සත්වෝද්‍යානය, රිදියගම සෆාරි උද්‍යානයන් සඳහා මෙසේ නොමිලේ ඇතුලුවීමට පහසුකම් සලසා දී ඇති බවයි ජාතික සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ මෙහෙයුම් අනෝමා ප්‍රියදර්ශනී සඳහන් කලාය.

රිදියගම සෆාරි උද්‍යානයේ මැයි මස උපත ලද සිංහ පැටව් තිදෙනාට නම් තැබීමේ උළෙල ද එදින පින්නවල සත්ව උද්‍යානයේ සිදු කෙරෙනු ඇත.

ඊට අමතරව එදින පටන් මෙම සිංහ පැටව් තිදෙනා මහජන ප්‍රදර්ශනයට එක් කරනු ලබයි.

එමෙන්ම ලෝක ළමා දිනය වෙනුවෙන් දෙහිවල ජාතික සත්වෝද්‍යානය පරිශ්‍රයේදී වැඩසටහන් රාශියක් පෙ.ව 8.30 සිට ප.ව.5.00 දක්වා සංවිධානය කර ඇතැයි නියෝජ්‍ය අධ්‍යක්‍ෂිකා දිනුෂිකා මානවඩු පවසයි.

Trending

Exit mobile version