සමුපකාර තොග වෙළෙඳ සංස්ථාවේ (සතොස) සේවකයින් 56දෙනකු ලංකා සතොසට අනියුක්ත කරන්නැයි සිදුකරන ලද ඉල්ලීම වෙළෙඳ ඇමැති නලින් ප්‍රනාන්දු මහතා ප්‍රතික්ෂේප කර ඇතැයි වාර්තා වේ.
සතොස ආයතනය ඈවර කර පසුගිය සැප්තැම්බර් 30 වැනිදා එහි සේවකයින් 292දෙනාට වන්දි ලබා දී ඉවත් කෙරිණි.
ඔවුන් එලෙස ඉවත් කිරීමෙන් පසු සතොසේ සිටි සේවකයින් 56දෙනෙකු ලංකා සතොසට අනියුක්ත කරන ලෙස වෙළෙඳ ඇමැති නලින් ප්‍රනාන්දු මහතාට සහ ලංකා සතොස සභාපති පසඳ යාපා අබේවර්ධන මහතාට ලිපියක් යොමු කර තිබිණි.
එහෙත් ලංකා සතොස සේවකයින් එම අනියුක්ත කිරීමට අකමැත්ත පළ කළ බැවින් එම ඉල්ලීම ඇමැතිවරයා විසින් මෙලෙස ප්‍රතික්ෂේප කර ඇතැයි එලෙස ඉවත් කරන ලද සේවකයෝ පැවසූහ.
මේ අතර, අරුණ පුවත්පත වාර්තා කර ඇත්තේ මේ සම්බන්ධයෙන් විමසීම සඳහා වෙළෙඳ ඇමැතිවරයා සහ ලංකා සතොස සභාපතිවරයා දුරකතනය ඔස්සේ සම්බන්ධ කරගැනීමට උත්සහ කළද එය අසාර්ථක වූ බවයි.