සදාහරිත ප්ලාන්ටේෂන් ආයතනයේ මැඩගස්කර් ව්‍යාපෘතිය යනු කිසිදු නීතිමය අයුරකින් වලංගු බවක් නොවන්නක් බව මහ බැංකුව විසින් කියා සිටී.
සදාහරිත ප්ලාන්ටේෂන් නමින් වල්ලපට්ට, මැඩගස්කර් වැනිලා සහ කටුපොල් වැනි වගා ව්‍යාපෘති සදහා මහ බැංකුවේ නිසි අවසරකින් තොරව ආයෝජන තැම්පතු බාරගනිමින් පවතින බවට මහ බැංකුවට පැමිණිලි රැසක් ලැබී ඇති බවට පසුගිය දිනවල මාධ්‍ය වාර්තා පලවිය.
මෙම ආයතනය විසින් “සදාහරිත මැඩගස්කර් වතුයාය” වෙත ආයෝජනය කිරීම ඔස්සේ අනාගත ප්‍රතිලාභ ලබාගත හැකිබව පවසමින් පුළුල් ප්‍රචාරණයක් සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ ද ගෙනයාම සිදුකර තිබිණි.
මෙය කෙතරම් දුරට නීත්‍යානුකූල වන්නේද යන්න Sri Lanka Mirror අප අද (25) මහ බැංකුවෙන් කල විමසීමක දී ඒ සම්බන්ධයෙන් මහ බැංකුව මෙලෙස පැහැදිළි කළේය.
“සදාහරිත ප්ලාන්ටේෂන් මහ බැංකුවේ ලියාපදිංචි නැහැ. අප හැමවේලාවේම පාරිභෝගිකයාගේ පාර්ශවයට කියන්නේ යම් ආයෝජනයක් හෝ ණයක් ලබාගන්නවා නම් මහ බැංකුවේ ලියාපදිංචි ආයතනයකින් ගන්න කියලා. ඒ සම්බන්ධයෙන් අපේ ආයෝජන රක්ෂණයක් හා අධීක්ෂණ නියාමනයක් වන නිසා. නමුත් අදාළ ප්ලාන්ටේෂන් ආයතනය වැනි ආයතන හා පිරමීඩ් ආයතන, ඔන්ලයින් ලෝන් වැනි ආයතන මහ බැංකුවේ ලියාපදිංචි වීමක් සිදු කරන්නේ නැහැ.
අදාල ආයතන ප්ලාන්ටේෂන් නමින් ක්‍රියාත්මක වුනත් පිරමීඩ් ආයතන ලක්ෂණ තිබුනොත් නීතිපති දෙපාර්තුමේන්තුව යටතේ තහනම් නියෝගයක් ලබාගතහොත් මහබැංකුවට හැකියාව තිබෙනවා අදාළ ආයතනය පිරමීඩ ආයතනයක් වශයෙන් ප්‍රකාශ කරන්න.
යම් ආයතනයක් විසින් ආයෝජන ලබා ගැනීමක් සිදුකරනවා නම් මහ බැංකුවේ ලියාපදිංචි විය යුතුයි.
නමුත් ප්ලාන්ටේෂන් කියන ආයතන ක්‍රියාත්මක වන්නේ ව්‍යාපාර වශයෙන්. එම ආයතන මහ බැංකුවේ ලියාපදිංචියක් සිදුවන්නේ නෑ. අපි පාරිභෝගික පාර්ශවය වෙත හැමවිටම කියන්නේ ඒ සම්බන්ධව අවදානමක් පවතින බවයි යම් අසාධාරණයක් අදාළ ආයතනය පැත්තෙන් වුවොත් පොදු නීතිය භාවිතා කරන්න පුළුවන්. නැත්නම් ඔම්බුඩ්ස්මන් කාර්යාලයකින් සහය ලබාගන්න පුලුවන්”
සතීස් නවරත්න නම් අයකුට අයත් මේ ආයතනයට 1988 අංක 30 දරණ බැංකු පනත යටතේ හෝ 2011 අංක 42 දරණ මුදල් ව්‍යාපාර පනත යටතේ හෝ කුෂුද්‍ර මූල්‍ය ව්‍යාපාර කටයුතු වල නිරත වීම සදහා 2016 අංක 06 දරණ ක්ෂුද්‍ර මූල්ය පනත යටතේ හෝ කල්බදු මූල්‍ය ව්‍යාපාරයන්හී නිරත වීම සදහා 2000 අංක 56 දරණ කල්බදු මුල්‍ය කරණ පනත යටතෙ හෝ ශ්‍රී ලංකා මහ බැංකුවෙන් බලපත්‍රයක් ලබාදී නොමැත.
මේ සමාගම ආරම්භක සමයේදී මහෝගනී ශාඛ සඳහා විශාල ප්‍රතිලාභ ලබාදෙන බව කියමින් ජනාතාවගේ මුදල් තැන්පතු ලබාගෙන ඇත.
කෙසේවුවද, මහෝගනී ගස් සදහා වැළදුනු දිලීර ආසදනයක් හේතුවෙන්, ඔවුන්ගේ එම ව්‍යාපෘතිය අවසන් කර ඇති අතර එහි ආයෝජකයන්ට නැවත මුදල් ගෙවා ඇත්තේ “මනී රෝටේෂන්” (Rotation of Money) නමින් අන්තර්ජාතිකව තහනමකට ලක් වූ පිරිමීඩ ක්‍රමයකින් බවට ද අදාළ පැමිණිලිකරුවෝ පවසා තිබේ.
මේ අතර, 2004 දී ඉංගිරිය ප්‍රදේශයේ රඹුටන් වගාවක් සඳහා වසර 25ක කාලයකට එක් ශාඛයකට රුපියල් 25,000 ක මුදලක් ආයෝජන ලෙස ලබාගෙන තිබේ.
එහි, රඹුටන් ශාක 1317 ක් වගා කළද බලාපොරොත්තු වූ පරිදි අස්වැන්න ලබා ගැනීමට අපොහොසත් වීම, නඩත්තු පිරිවැය අධික වීම සහ ස්වභාවික ව්‍යසන හේතුවෙන් එම වගා ව්‍යාපෘතිය අත්හැර දමමින් එහි ආයෝජකයන්ට මුදල් ගෙවා ඇත්තේ ද “මනී රෝටේෂන්” ක්‍රියාවකින් බවට චෝදනා එල්ලවී තිබේ.
මෙරට තුළ වගා සිදු කිරීමෙන් පසු ශාක සදහා ආයෝජනය කල පිරිස් සහ බාහිර බලපෑම් හේතුවෙන් විශේෂයෙන් වගා ඉඩම් පෙන්වීමට සිදු වීමට සිදුවීම නිසා එම සමාගම විසින් මැඩගස්කරයේ සිදුකරනවා යැයි පැවසෙන වැනිලා හා කටුපොල් වගාවන් සඳහා ද මේවන විට මෙරට ජනතාවගෙන් තැන්පතු ලබාගෙන ඇති බව හෙළිව තිබේ.
මේ වගාවන් පිළිබඳව ඡායාරූප සාක්ෂියක් හෝ නොපෙන්වන සදාහරිත ප්ලාන්ටේෂන් මෙරටින් පිටරටට මුදල් යැවීම ද මේ හරහා සිදු කිරීම සම්බන්ධ ව්‍යාපෘතියට කිසියම් දේශපාලන සහයක් ද ලබාගන්නා බව අනාවරණය වේ.
කෙසේ වෙතත් මෙම තත්ත්වය අනාවරණය වීමත් සමඟ සිය Facebook පිටුවේ පෝස්ටුවක් තබමින් ඔවුන් සඳහන් කරන්නේ ආයතනයේ කීර්තිනාමයට කැළලක් එක්කීරීම වෙනුවෙන් පුද්ගලයින් විසින් නිර්මාණය කරන කටකතා පතුරුවා හරින බවකි.
Facebook Post