හිටපු රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතාගේ මරණය සිදුවූ ආකාරය සැක සහිත බව කියමින් ඒ මහතාගේ බිරිඳ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත අද (07) පැමිණිල්ලක් කළ බව අධිනීතිඥ චමරි ප්‍රියංකා මහත්මිය පැවසුවාය.
විශේෂිත කරුණු කීපයක් ඉදිරිපත් කරමින් පිටු පහක පමණ ප්‍රමාණයකින් යුත් විස්තර ඇතුළත් කර එකී පැමිණිල්ල සිදුකළ බව අධි නීතිඥවරිය වැඩිදුරටත් පැවසුවාය.
කොළඹ කටුනායක අධිවේගී මාර්ගයේ කිලෝමීටර් 11 දශම 1 කෙළවර පිටිය ප්‍රදේශයේදී ග්‍රාමීය ජල සම්පාදන රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතා ගමන් ගත් සුඛෝභෝගී ජිප් රථය ඉකුත් ජනවාරි (25) කන්ටේනර් රථයක ගැටීමෙන් රාජ්‍ය අමාත්‍යවරයා සහ ඔහුගේ ආරක්ෂකයා ලෙස කටයුතු කර පොලිස් කොස්තාපල්වරයෙකු මියගියේය
අනතුරින් සුඛෝභෝගී රථයේ රියදුරු ලෙස කටයුතු කළ පුද්ගලයා අත්අඩංගුවට ගෙනා රිමාන්ඞ් භාරයට පත් කර සිටි අතර අධිකරණ ඇප මත මුදාහැර තිබිණි
මියගිය රාජ්‍ය අමාත්‍යවරයා ඉකුත් මස (24) හලාවත බණ්ඩාරවත්ත ප්‍රදේශයේ හෝටලයක පැවති විවාහ මංගල සාදයකට සහභාගි වී ආපසු කොළඹ බලා පැමිණෙමින් සිටියදී එම දිශාවටම ධාවනය වූ කන්ටේනර් රථයක පිටුපස ගැටී අනතුරුව ආරක්ෂිත වැටේ ගැටී මෙම අනතුර සිදුවී තිබිණි