ඊයේ (21) පාර්ලිමේන්තුවේ ඇතිවූ සිද්ධිය සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී සනත් නිශාන්ත මහතාගේ පාර්ලිමේන්තු සේවය සති දෙකක කාලයක් සඳහා අත්හිටුවීමට කථානායකවරයා නියෝග කර තිබේ.
පාර්ලිමේන්තු ස්ථාවර නියෝග 146 හි විධිවිධාන ප්‍රකාරව තමා වෙත පැවරී ඇති බලතල අනුව එම තීරණය ගත් බවත් එය අද (22) සිට ක්‍රියාත්මක බවත් කථානායකවරයා පැවසීය.
කථානායකවරයා වැඩිදුරටත් පවසා ඇත්තේ ඊයේ සභාවේ සිදුවු එම විනය විරෝධී ක්‍රියාව තමා බරපතළ ලෙස හෙළා දකින බවයි.