එක්සත් ජනතා නිදහස් සන්ධානයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වූ දයාශ්‍රිත තිසේරා මහතා අද (04) විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා හමු වී සමගි ජනබලවේගය හා එක්ව තිබේ.
එසේම විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා විසින් ඔහුව නාත්තන්ඩිය මැතිවරණ බල ප්‍රදේශයේ ආසන සංවිධායකවරයා ලෙසද පත් කරන ලදී.
ෆේස්බුක් සටහනක් එක්කරමින් තිසේරා මහතා පවසා ඇත්තේ මේ තමාගේ දේශපාල ඉතිහාසයේ හා වර්ථමානයේ ඉතාම තීරණාත්මක මොහොතක් වන බවත්, වසර 15ක පාර්ලිමේන්තුවේ සිට ගත් අත්දැකීමෙන් තව දුරටත් නාත්තන්ඩි ආසනයට හා පුත්තලම් දිස්ත්‍රක්කයට ඇප කැප වී සේවය කිරීම සිය එකම බලාපොරොත්තුව වන බවත්ය.
1970 සිට 1977 දක්වා කාලයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු මෙන්ම කීර්තිමත් දේශපාලනඥයකු ද නාත්තන්ඩිය ආසනයේ සංවිධායකවරයාද වූ ප්‍රොටස් තිසේරා මහතාගේ පුත්‍රයා වූ ඔහු කැබිනට් හා නියෝජ්‍ය අමාත්‍ය ධූරද හෙබවා තිබේ.