පුවත්

සපුගස්කන්ද අද සිට යළි වැඩ

Published

on

සපුගස්කන්ද පිරිපහදුවේ කටයුතු අද (16) සිට යළි ආරම්භ කෙරෙන බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පවසයි.

ආනයනික බොරතෙල් නොමැතිවීම මත පිරිපහදුවේ කටයුතු නවතා දැමීමට පසුගියදා පියවර ගෙන තිබුණි.

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව සඳහන් කළේ ආනයනික බොරතෙල් මෙට්‍රික් ටොන් 90,000ක් රැගත් නෞකාවක් කොළඹ වරායට පැමිණ ඇති අතර ඊට අවශ්‍ය ගෙවීම් මේ වන විට සිදුකර අවසන් බවය.

එමෙන්ම පිරිපහදුවේ ටැංකි සංකීර්ණය වෙත අදාළ බොරතෙල් ගොඩබෑමේ කටයුතු ආරම්භ කර තිබේ.

මේ අතර ඛනිජ තෙල් පොදු සේවක සංගමයේ සභාපති අශෝක රංවල මහතා සදහන් කළේ පිරිපහදුවේ කටයුතු පූර්ණ ධාරීතාවයකින් සිදුකිරීමට පියවර ගන්නා බවය.

Trending

Exit mobile version