සබරගමුව පළාතේ පාසල් 1080ක ගුරු පුරප්පාඩු 4,600ක් පමණ පවතින බව, අධ්‍යාපන අමාත්‍යංශය පවසයි.
සබරගමු පළාත් අධ්‍යාපන ලේකම් චාමර බමුණුආරච්චි මහතා කියා සිටින්නේ එම ගුරු පුරප්පාඩු සම්පුර්ණ කිරීමට මේවන විට කටයුතු කරමින් සිටින බවයි
ඉදිරියේදී මේ සඳහා සම්මුඛ පරීක්ෂණ පවත්වමින් පාසල් 425ක ගුරු පුරප්පාඩු සම්පුර්ණ කරන බව ද ඔහු වැඩිදුරටත් සඳහන් කළේ ය.
ඒ අනුව උසස් පෙළ ගුරුවරුන් 159ක් හා සාමාන්‍ය පෙළ විෂයන් සඳහා ගුරුවරුන් 877ක් සඳහා මෙම පත්වීම් ලැබෙනු ඇතැයි පැවසේ.
(මුලාශ්‍රය – නිව්ස් ෆස්ට්)