පුවත්

සබරගමුව සරසවි සිසු ගැටුමෙන් 9ක් රෝහලේ

Published

on

සබරගමුව විශ්වවිද්‍යාලයේ සිසුන් දෙපිරිසක් අතර සිදුවූ ගැටුමකින් පළමු වසරේ සිසුන්  09 දෙනෙකු තුවාල ලබා බලන්ගොඩ  මුලික රෝහලට ඇතුළත් කර ඇතැයි පොලිසිය පවසයි.

ඔවුන්ගේ තත්ත්වය බරපතළ නොවන බව රෝහල් ප්‍රකාශකයෙකු පවසා තිබේ.

කළමනාකාර පිඨයේ ඉගෙනුම ලබන තෙවැනි හා සිවුවැනි වසරේ සිසුන් දෙපිරිසක් විසින් ඊයේ (15) රාත්‍රීයේදී මෙ⁣ලෙස පහරදී ඇතැයි අනාවරණය වන බව පොලිසිය කියයි.

 පහර කෑමට ලක්ව ඇති සිසුන් පිරිස සබරගමුව විශ්වවිද්‍යාලයේ දයාසාන්ති  නේවාසිගාරයේ රැදී සිට ඇති අතර ජ්‍යෙෂ්ඨ සිසුන් එම නේවාසිගාරයට  ඇතුළු වී නවක සිසුන් කොණ්ඩා සහ රැවුල් බා නොමැති  බව පවසමින් මෙලෙස පහර දී තිබෙන බවට වාර්තා වන බව පොලිසිය වැඩිදුරටත් කියයි.

සිද්ධියට සම්බන්ධ කිසිවෙකු මේ දක්වා අත්අඩංගුවට ගෙන නොමැති අතර සමනල වැව පොලිසිය වැඩිදුර පරික්ෂණ සිදු කරයි.

(මූලාශ්‍රය : ලංකාදීප)

Trending

Exit mobile version