සමනල වැව ජලාශයෙන් උඩවලව ජලාශයට නිකුත් කරන ජල ප්‍රමාණය අද (11) සිට අඩු කිරීමට සිදුවන බව ලංකා විදුලි බල මණ්ඩලය පවසා ඇත.
ඒ, ජල මට්ටම අඩු වීමත් සමග ටර්බයින් වෙත ජලය රැගෙන යන මාර්ගයේ දිය සුළි හට ගැනීම හේතුවෙනි.
මෙම සුළි හට ගැනීම ඊයේ දිනයේ සිදුවු අතර ඒ හේතුවෙන් විදුලි ජනන යන්ත්‍ර ක්‍රියාත්මක කිරීමේ වේගය අඩු කිරීමට සිදුවී ඇති අතර, මේ අනුව එක් විදුලි ජනන යන්ත්‍රයකින් ඊයේ උත්පාදනය කර තිබුණේ මෙගාවොට් 40 ක් පමණි.
අද එය තවදුරටත් පහළ දැමීමට සිදුවනු ඇතැයි විදුලි බල මණ්ඩලය පවසයි.
කෙසේවෙතත් මේ වනවිට ජලය කියුබික් ලීටර් මිලියන 7.5 ක් සමනල වැවෙන් උඩවලට මුදා හැර ඇත.