පුවත්

සමන් රත්නප්‍රිය හා සජිත් රාජිතගේ තනතුරුවලට අධිකරණ වාරණයක්

Published

on

එක්සත් ජාතික පක්‍ෂයට අනුබද්ධිත රාජ්‍ය සේවා වෘත්තීය සමිති සම්මේලනයේ සභාපතිවරයා සහ ලේකම්වරයා වශයෙන් පත්වු බව කියන සමන් රත්නප්‍රිය සහ සම්පත් රාජිත යන මහත්වරුන්ට අදාළ තනතුරු වන කටයුතු කිරීම වළකාලමින් නුගේගොඩ දිසා විනිසුරු කල්හාරි ලියනගේ මහත්මිය වාරණ නියෝගයක් නිකුත් කළාය.

සමන් රත්නප්‍රිය සහ සම්පත් රාජිත යන මහත්වරුන් රාජ්‍ය සේවා වෘත්තීය සමිති සම්මේලනයේ තනතුරු සඳහා නිසියාකාරයෙන් පත්වු බවට සාධක නොමැතිවීම සහ අදාළ වෘත්තීය සමිති සම්මේලනය සතු විශාල මුදල් ප්‍රමාණයක් සහිත බැංකු ගිණුම් වල පාලනය සම්බන්ධයෙන් පැන නඟින ප්‍රශ්න සහගත තත්වය සැළකිල්ලට ගත් දිසා විනිසුරුවරිය ලබන මස 06 වැනිදා තෙක් බලපැවැත්වෙන පරිදි වාරණ නියෝගය නිකුත් කළාය.

රාජ්‍ය සේවා වෘත්තීය සමිති සම්මේලනයේ ප්‍රධාන ලේකම් ලලිත් ඉන්දික මහතා ගොනු කළ පෙත්සමේ වගඋත්තරකරුවන් වශයෙන් සමන් රත්නප්‍රිය” සම්පත් රාජිත සහ කම්කරු කොමසාරිස්වරයා නම් කොට ඇත.

Trending

Exit mobile version