පුවත්

සම්මානනීය ලේඛිකා අනුල ද සිල්වාගේ අවසන් කටයුතු අනිද්දා

Published

on

සම්මානනීය ලේඛිකා අනුල ද සිල්වා මහත්මිය අභාවප්‍රාප්ත විය.

අභාවප්‍රාප්ත වන විට ඇයගේ වයස අවුරුදු 82 කි.

අනුල ද සිල්වා මහත්මියගේ දේහය හෙට (13) හා (14) අනිද්දා බොරැල්ල පෞද්ගලික මල් ශාලාවක තැන්පත් කර තැබෙන අතර අවසන් කටයුතු අනිද්දා සවස  4.00ට බොරැල්ල කනත්තේදී  සිදු කිරීමට නියමිතයි.

1964 මිහිර පුවත් පතේ මාධ්‍යවේදිනියක ලෙස සිය වෘත්තීය ජීවිතය ආරම්භ කළ ඇය මෙරට සාහිත්‍ය ක්ෂේත්‍රයට දායාද කළ කෘති සංඛ්‍යාව 100කට අධිකයි.

ලේඛිකාවක්, පරිවර්තිකාවක් සහ මාධ්‍යවේදිනියක් ලෙස මෙන්ම අනුල ද සිල්වා මහත්මිය කෙටිකාලයක්  ගුරුවරියක් ලෙස ද සේවය කළා ය.

අහස් මාලිගා, උන්මත්තකයෝ, මංජේශ්වරී, මහා මුහුද මමයි වැනි ජනප්‍රිය නවකතා, කෙටි කතා, යොවුන් හා නවකතා රැසක කතුවරිය වන ඇය දෙවියන්ගේ අඩවිය, තුන්වෙනි බිරිඳ ,පිළිකා වාට්ටුව වැනි ජනප්‍රිය පරිවර්තන රැසකද හිමිකාරිය වේ.

අඩසිය වසකට අධික සිය ලේඛන දිවිය යුතු කාන්තාවන් වෙනුවෙන් සිය නිර්මාණ කෞෂල්‍යයෙන් අසීමිත මෙහෙවරක් ඉටු කළ සාහිත්‍යවේදිනියක් ලෙස ඇය ජනප්‍රසාදිතයි.

රාජ්‍ය සාහිත්‍ය සම්මාන ඇතුළු සම්මාන රැසකින් ද, අනුල ද සිල්වා මහත්මිය පිදුම් ලැබුවේ සිය සාහිත්‍ය මෙහෙයවර ජාතික වශයෙන් ඇගයිමට ලක්වෙමිනි.

Trending

Exit mobile version