ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නව මහලේකම්වරයා ලෙස පත් කෙරුණු සරත් ඒකනායක මහතාට එම ධුරයේ කටයුතු කිරීම වළක්වාලමින් පනවා තිබෙන වාරණ නියෝගය ඔක්තෝබර් මස 06 වනදා දක්වා දීර්ඝ කරන ලෙස කොළඹ දිසා අධිකරණය නියම කර ඇත.
සිය පක්ෂ සාමාජිකත්වය සහ මහලේකම් ධූරය අත්හිටුවීමට පක්ෂ සභාපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් ගනු ලැබූ තීරණය අභියෝගයට ලක්කරමින් දයාසිරි ජයසේකර මහතා ඉදිරිපත් කළ නඩුව අද (22) යළි කැඳවීමෙන් අනතුරුව කොළඹ දිසා විනිසුරු සඳුන් විතාන මහතා මෙම නියෝගය නිකුත් කර ඇත.
අදාළ වාරණ නියෝගය දීර්ඝ කිරීමට තමා විරුද්ධ වන බව විත්තිකාර මෛත්‍රීපාල සිරිසේන මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ ෆයිසර් මුස්තාපා මහතා දැනුම් දී ඇත.
මෙම නඩුවට අදාළ විරෝධතා සහ උත්තර මීලඟ නඩු දිනයේ ඉදිරිපත් කරන ලෙසත් විනිසුරුවරයා විසින් අදාළ පාර්ශවකරුවන්ට නියෝග කර ඇත.