Connect with us

පුවත්

සරසවි අනධ්‍යන සේවක දීමනා ගැන මේ සතියේ තීරණයක්

Published

on

මහා භාණ්ඩාගාරයට ලැබී ඇති බදු මුදල් ප්‍රමාණය සලකාබලා අනධ්‍යන සේවකයින්ගේ දීමනා ලබාදීම සම්බන්ධයෙන් මේ සතියේ තීරණයක් ගන්නා බව උසස් අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය සුරේන් රාඝවන් මහතා ප්‍රකාශ කරයි.

අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසුවේ, විශ්වවිද්‍යාල අනධ්‍යන සේවකයින්ගේ දීමනා ලබාදීමට වාර්ෂිකව රුපියල් බිලියන 1.3 ක් පමණ වැය වන බව මේ වනවිට ගණන් බලා ඇති බවය.

මේ අතර විශ්වවිද්‍යාල අනධ්‍යන සේවකයින් ආරම්භ කළ වැඩවර්ජනය අද (16) ත් ක්‍රියාත්මක වේ.

ඒ, සිය ඉල්ලීම් සම්බන්ධයෙන් සුබවාදී ප්‍රතිචාරයක් රජය පාර්ශ්වයෙන් ලබා නොදීම හේතුවෙනි. සේවක වැඩවර්ජනය අද ක්‍රියාත්මක වන්නේ 15 වැනි දිනටයි.

විශ්වවිද්‍යාල වෘත්තීය සමිති ඒකාබද්ධ කමිටුවේ සමසභාපති ධම්මික එස්. ප්‍රියන්ත මහතා පැවසුවේ, ඊයේ දිනයේ සිට වැඩවර්ජනය දැඩි කිරීමට කටයුතු කළ බවයි.

අනධ්‍යන සේවකයින්ගේ වැටුප 15% කින් කප්පාදු කිරීමත්, අනධ්‍යන සේවකයින්ගේ මාසික හිලවු දීමනාව වැඩි නොකිරීමටත් විරෝධය පළ කරමින් ඔවුන් මෙම වැඩවර්ජනය ආරම්භ කළහ.

මේ අතර විශ්වවිද්‍යාල අනධ්‍යන සේවකයින් ක්‍රියාත්මක කර ඇති වැඩවර්ජනයට සහය පළ කිරීමට රජරට විශ්වවිද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමය ඊයේ (15)  තීරණය කර තිබේ.

විශ්වවිද්‍යාල අනධ්‍යන සේවකයින්ගේ ගැටලුව හැකි ඉක්මනින් විසඳා දෙන ලෙස අන්තර් විශ්වවිද්‍යාලීය ශිෂ්‍ය බල මණ්ඩලය ඊයේ විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවෙන් ඉල්ලීමක් කර තිබේ.

පුවත්

සිසුවියගේ සියදිවි නසා ගැනීමට සැක ගුරුවරයා අනිවාර්ය නිවාඩු යවයි

Published

on

By

කොටහේන ගල්පොත්ත වීදිය මහල් නිවාස සංකීර්ණයක පදිංචිව සිටි 16 හැවිරිදි සිසුවියක සියදිවි නසාගැනීම සිද්ධියට චෝදනා එල්ල වී ඇති සැකකාර ගුරුවරයා අනිවාර්ය නිවාඩු යවා තිබේ.

නිවේදනයක් නිකුත් කරමින් අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තිය අධ්‍යාපන අමාත්‍යාංශය අද (9) පස්වරුවේ පවසා සිටියේ මෙම සිදුවීමට අදාළ පොලිස් බී වාර්තාව මේ වනවිට තම අමාශ්‍යාංශයට ලැබී ඇති බවයි.

ඒ හේතුවෙන් සිද්ධියට අදාළ ගුරුවරයා, ආයතන සංග්‍රහයේ II කාණ්ඩයේ XLVIII වැනි පරිච්ඡේදයේ 27:9 වගන්තිය ප්‍රකාරව අනිවාර්ය නිවාඩු ගැන්වීමට කටයුතු කරන බවයි.

එමෙන්ම මෙම සිද්ධියට අදාළ මූලික විමර්ශනය මේ වනවිට සිදු කෙරෙමින් පවතින අතර, එහි වාර්තාව ලද වහාම විධිමත් විනය ක්‍රියාමාර්ග ගැනීම සඳහා අවශ්‍ය කටයුතු සිදු කරන බවද එම අමාත්‍යාංශය පවසයි.

තවද මෙම සමස්ත සිදුවීමේදී යම් පාර්ශ්වයන් තම රාජකාරි වගකීම් පැහැරහැර ඇත්ද යන්න සොයා බැලීමට එම අමාත්‍යාංශය විසින් අභ්‍යන්තර පරීක්ෂණයක් ආරම්භ කර ඇත.

Continue Reading

පුවත්

වෙසක් සතියට දින තුනක් වැසෙන තැන්

Published

on

By

වෙසක් සතිය නිමිත්තෙන් දිවයින පුරා ඇති මස් මාංශ අලෙවි සැල්, රේස්බුකී, කැසිනෝ ශාලා, සමාජ ශාලා සහ සුරාසැල් වසා තැබීම ගැන රජයෙන් නිවේදනයක් නිකුත් කර තිබේ.

මැයි මස 10 සිට මැයි මස 16 වන දින දක්වා වෙසක් සතිය ලෙස නම් කර ඇත.

ඒ අනුව මැයි මස 12,13 සහ 14 වන තෙදින පුරා දිවයින පුරා ඇති මස් පිණිස සතුන් ඝාතනය කරන ස්ථාන, මස් මාංශ අලෙවි සැල් සහ සුරා සැල් වසා තැබෙනු ඇත.

මීට අමතරව සුපිරි වෙළෙඳසැල්වල මස් මාංශ අලෙවි කිරීම තහනම් වන අතර, රේස් බුකී, කැසිනෝ ශාලා සහ සමාජ ශාලා වසා තැබීමට කටයුතු කරන ලෙස රජය දැනුම්දී තිබේ. 

Continue Reading

පුවත්

හෙටින් ඇරඹෙන ජාතික වෙසක් සතිය

Published

on

By

ජාතික වෙසක් සතිය මැයි 10 වැනිදා සිට 16 වැනිදා දක්වා කාලය තුල ප්‍රකාශයට පත්කර ඇත.

මෙවර රාජ්‍ය වෙසක් උත්සවය නුවරඑළිය දිස්ත්‍රික්කය කේන්ද්‍ර කරගනිමින් පැවැත්වීමට රජය තීරණය කර තිබේ.

ඒ අනුව බුද්ධශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍යංශය, රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යංශය සහ බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුව එක්ව නුවරඑළිය දිස්ත්‍රික්කය කේන්ද්‍ර කරගනිමින් නුවරඑළිය ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථාන විහාරස්ථානයේදී වෙසක් සතිය මැයි 10 දින සිට 16 දින දක්වා පැවැත්වීමට නියමිතය.

මෙම වසරේ රාජ්‍ය වෙසක් මහෝත්සවය “කළණ ගුණ ඇති උතුම් මිනිසුන් ඇසුරු කරමු” යන තේමාව යටතේ පැවැත්වේ.

මෙම වෙසක් සතිය තුළ සියලුම රාජ්‍ය හා පෞද්ගලික ආයතනවල, නිවාසවල බෞද්ධ කොඩිය ඔසවා තැබීමත් එම ගොඩනැගිලි පරිසර හිතකාමී වෙසක් සැරසිලිවලින් අලංකාර කිරීමත් කළ යුතු බව රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යංශය සදහන් කර ඇත.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved