රජය නියම කළ සහතික මිලට වී මිලදී ගැනීමට අද සිට ගබඩා විවෘතව තබන බව වී අලෙවි මණ්ඩලය නිවේදනය කරයි.
නාඩු වී කිලෝ ග්‍රෑම් එකක් රුපියල් 120කටත්, සම්බා රුපියල් 125කටත් ,කීරි සම්බා රුපියල් 132කටත් මිලදී ගැනීමට සියලු කටයුතු සූදානම්ව පවතී.
රජයේ සහතික වී මිල නිල වශයෙන් ප්‍රකාශයට පත්කර තිබේ.
මෙවර මහ කන්නයේ වී අස්වනු නෙලීම මේ වන විට සුළු වශයෙන් සිදුවුව ද ඉදිරි දින කිහිපයේ මහා පරිමාණයෙන් අස්වනු නෙලීමේ කටයුතු ආරම්භ වේ.
ඒ අනුවයි වී මිලදී ගැනීමට රජය කටයුතු යොදා ඇත.
එම ව්‍යාපෘතියට අනුව වී ගබඩා අද සිට වී මිලදී ගැනීමට විවෘතව පවතියි.
සබැඳි පුවත්