පාස්කු ඉරිදා ප්රහාරයේ ප්රධාන සැකකරු සහරාන් හසීම්ගේ බිරිඳ වන ෆාතිමා හාදියා ඇප මත මුදා හැරීමට කල්මුණේ මහාධිකරණය නියෝග කර තිබේ.
දැඩි ඇප කොන්දේසි මත ඇය මෙලෙස මුදා හැරෙනුයේ ත්රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ වසර 4කට ආසන්න කාලයක් රඳවා සිටීමෙන් අනතුරුවයි.
මහාධිකරණය වැඩිදුරටත් නියෝග කළේ රු. ලක්ෂ 25ක ශරීර ඇප දෙකක් සහ රුපියල් 25,000ක මුදල් ඇපයක් මත ඇයව මුදාහැරීමටයි.
සැකකාරියගේ විදේශ ගමන් තහනම් කළ මහාධිකරණය, සෑම මසක ම අවසන් ඉරුදින අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පෙනී සිටින ලෙසටද නියෝග කර ඇත.