පුවත්

ස්වස්තා හි ක්ෂණික දෝෂක් වැඩේ තවත් මාස තුනකට කල් යයි!

Published

on

මෙරට රෝහල්වල හා රජයේ ඔසුසැල්වල ඖෂධ නියාමනය, ඖෂධ බෙදාහැරීම සහ කළමනාකරණය සඳහා ස්වස්තා (SWASTHA) නමින් හඳුන්වාදුන් මෘදුකාංගය ක්‍රියාත්මක කිරීම මාස තුනක පමණ කාලයකට කල් දැමීමට සිදුව ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය ආරංචි මාර්ගවලින් වාර්.ා වේ.

එම මෘදුකාංගය භාවිත කිරීමේදී ඇතිවූ තාක්ෂණික දෝෂ ඊට හේතුවී ඇතැයි පැවසේ. 

අදාළ මෘදුකාංගය සඳහා රුපියල් මිලියන එකසිය එකක මුදලක් වැය වී ඇති අතර, පසුගිය මස 18 වැනිදා එය ඖෂධවේදීන්ට හඳුන්වා දී තිබේ.

එනමුත්, එය භාවිත කිරීමට අපහසු බව පවසමින් ඖෂධවේදීන් පැමිණිලි ඉදිරිපත්කර ඇතැයි පැවසීය. 

එම මෘදුකාංගය භාවිත කිරීමට වැඩි පුහුණුවක් සහ කාලයක් අවශ්‍ය බවද ඔවුන් පවසා ඇත.

මෙම මෘදුකාංගය මගින් රෝහල්වල හිඟ ඖෂධ වර්ග මෙනවාද සහ රෝහල්වලට ඖෂධ බෙදාහැරීම සිදුකර ඇති ආකාරය පිළිබඳ නිවැරැදි දත්ත ලබා ගැනීමට හැකි බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ සෞඛ්‍ය තොරතුරු පිළිබඳ උපදේශක වෛද්‍ය නිෂාන් සිරිවර්ධන එය හඳුන්වා දෙමින් ප්‍රකාශ කළේය.

2008 වසරේ සිට වෛද්‍ය සැපයුම් අංශයේ සහ රෝහල්වල ඖෂධ සම්බන්ධව දත්ත රැස්කර තිබුණේ ඔස්ට්‍රේලියාවේ නිෂ්පාදනය කරන ලද මෘදුකාංගයක් මගිනි. එනමුත්, එමගින් මෙරට ඇති ඖෂධ පිළිබඳව නිසිලෙස දත්ත ලබා ගැනීමට නොහැකි බව සෞඛ්‍ය අමාත්‍යාංශය පැවසීය.

ස්වස්තා මෘදුකාංගය මෙරට සෞඛ්‍ය පද්ධතියට හඳුන්වාදී ඇත්තේ කොළඹ විශ්වවිද්‍යාලය විසිනි.

මූලාශ්‍රය – අරුණ

Trending

Exit mobile version